පළාත් පාලන මැතිවරණය ගැන කොමිසම තීරණයක් ගනී – ජන්ද පිට ජන්ද එන හැඩ!

Date:

කොළඹ LNW:ජනාධිපතිවරණයෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

අද (28) මැතිවරණ කොමිසම රැස් වූ අවස්ථාවේදී යි එම තීරණය කර ඇත්තේ.

මේ අතර ජනාධිපතිවරණ පැවැත්වීමට ද සියලු කටයුතු සැලසුම් කර ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා එහිදී පැවසුවේය.

”මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වුණා අපි සෑම සතියේ දිනකම බදාද රැස්වෙනවා. පරිපාලනය සම්බන්ධව සහ අනුමැතිය ලබාගතයුතු කාරණා සම්බන්ධව අපි අද සාකච්ඡා කළා. අධිකරණ තීන්දුවක් ලබා දුන්නා. ඒ තීන්දුවට අනුව මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය තියන්න කටයුතු කරනවා. අධිකරණ තීන්දුව විසින් ලබාදුන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධව කරුණු අධ්‍යයනය කර පළාත් පාලන මැතිවරණය වෙනත් මැතිවරණවලට බාධාවක් නොවන ලෙස පැවැත්වීම පිළිබදව සාකච්ඡා කළා.”

මේ අතර ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයන් වෙනුවෙන් කොමිෂන් සභාව මැදිහත්වීමක් සිදුනොකරන අතර ප්‍රචාරණ කටයුතුවල වගකීම ඇත්තේ ඔවුන් සතුව බවයි සමන් ශ්‍රී රත්නායක මහතා කියිස්ටියේ.

අපේක්ෂකයින් සියලු දෙනාගේ වත්කම් බැරකම් ද ලැබී තිබෙන අතර ඒවා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර දී ඇති බවද එහිදී රත්නායක මහතා පැවසුවේය.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ද කොමිසමට පැමිණිලි 1000කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවා සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...