හිටපු නාවික හමුදාපති උළුගෙතැන්න යළි රිමාන්ඩ්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න සැප්තැම්බර් 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ, ඔහුව පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (අගෝස්තු 27) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

ඔහු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ 2010 වසරේදී කෑගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ශාන්ත සමරවීර නමැති අයෙකු පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලය ගන්සයිඩ් කඳවුරේ නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන සිටි සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව පසුගිය ජුලි 28 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා...

‍ලොක්කියන් අභිබවා පෙරමුණ ගත් බට්ටි

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ නොමද...

රියැලිටි කලාවේ නව මුහුණු කිහිපයක් එන්නට හෝරා කිහිපයකට මත්තෙන්!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : රියැලිටි සංගීත කලාවේ තවත් චමත්කාර ජනක හෝරා දෙකක් නැරඹීමේ අවස්ථාවක් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට උදාවෙයි. ඒ, මේ මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 7.30ට දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වනදෙරණ ඩ්‍රීම් ස්ටාර් අදියර 12 අභිෂේක මංගල්‍ය නිසාය. මෙවර ඩ්‍රීම් ස්ටාර්කිරුල සඳහා යොවුන් ගායකයන් දෙදෙනෙකුත්, යොවුන් ගායිකාවකු...

නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...