නිශ්මං රණසිංහ අගෝස්තු 28, කොළඹ LNW:
ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගයට කොළඹ උතුර සහ කොළඹ දකුණ කණ්ඩායම් සුදුසුකම් ලැබුවා.අවසාන පූර්ව තරග දෙකටම කාලගුණය බාධා ඇති කළ අතර කොළඹ දකුණ කණ්ඩායම සහ ගාල්ල අතර පැවති තරගය අවසානයක් කරා යාමට ද නොහැකි වුණා.එහෙත් මේ තරගාවලියේ වැඩිම ජයග්‍රහණ සමඟ පෙරමුණ සිටිය කොළඹ දකුණ කණ්ඩායම පෙර හැකියාවන් මත අවසාන තරගයට සුදුසු වෙද්දී කොළඹ උතුර කණ්ඩායම මහනුවර කණ්ඩායමට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 71 ක ජයක් ලබා අවසාන තරගයට සුදුස්කම් ලබා ගත්තා.ඒ අනුව අගෝස්තු 29 වන දා මෙම කණ්ඩායම් දෙක ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අවසාන තරගයට මුහුණ දෙන්නට නියමිතව සිටිනවා.
කොළඹ දකුණ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර තරගය වර්ෂාව නිසා තීරණයක් නොමැතිව නිමාවට පත් වෙනවා.පළමුව පන්දුවට පහර දෙන කොළඹ දකුණ කණ්ඩායම කඩුලු 5 ට ලකුණු 353 ක් ලබා ගැනීමට සමත් වෙනවා.එහිදී හිරුන් මතීශ ලකුණු 51 ක් ලබා ගන්නට සමත් වෙනවා.එහෙත් අවසාන ලකුණු පූවරුව නිර්මාණය කරන්නට සුවිශාලම දායකත්වය ලබා දෙන හිරුන් දේශාන් (නොදැවී 66) සහ සිටීවන් පීරිස් (නොදැවී 46) හයවන කඩුල්ලට නොබිඳි ලකුණු 79 ක සබඳතාවයක් පවත්වනවා.
ගාල්ල කණ්ඩායමට ලකුණු පූවරුව මෙන්ම මෝදු වෙමින් තිබුණ වැහි වළාකුළු ද අභියෝගයක් විදිහට භාර ගන්නට සිඳු වෙනවා.ඒ නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කරන ගණන් හැදීමට යැවිය යුතු පන්දු ඒවර් ගණනට වැඩි ලකුණු ගණනක් රැස් කිරීමේ අදිටනින් පිටියට පිවිසෙන ගාල්ල ක්‍රීඩකයන්ට නියමිත පන්දු ඕවර් ගණන ගෙවෙන්නට පෙර වර්ෂාව විසින් බාධා පමුණුවනවා.ඒ වන විට ගෙවුණු පන්දු ඕවර් 6.1 තුළ එක් කඩුල්ලකට ලකුණු 59 ක් ලබා ඔවුන් අභියෝගයට සූදානම් බව පෙන්වා තිබුණත් තරගය වර්ෂාව නිසා තීරණයකින් තොරව අවසන් කරන්නට සිඳු වෙනවා.
කොළඹ උතුර කණ්ඩායම සහ මහනුවර අතර තරගයේදී ද පළමුව පන්දුවට පහරදීමට අවස්ථාව කොළඹ උතුර කණ්ඩායමට හිමි වුණා.ඔවුන් කඩුලු 8 ට ලකුණු 274 ක් ලබා ගැනීමට සමත් වුණා.කවිශික තිලකරත්නගේ ලකණු 52 පමණක් අර්ධ ශතකයක් ලෙස එම ලකුණු පූවරුවේ දකින්නට ලැබුණත්,ශවීන් පෙරේරා (43),සනුල් වීරරත්න (40) සහ නායක ලිතුම් සෙනුජ (නොදැවී 49) ලකුණු 40 ඉක්මවු අගයන් තුනක් ලකුණු පූවරුවට එක් කරන්නට ක්‍රියා කළා.
පිළිතුරු ලෙස 275 ක් ලබා ගන්නට පිටියට පිවිසි මහනුවර කණ්ඩායමට වර්ෂාව එබිකම් කරන මොහොතක වර්ෂාව ඇඳ වැටෙන නිමේෂයේ ඩක්වර්ත් ලුවිස් න්‍යායයට අනුව අඛණ්ඩව රඳවා ගත යුතු ලකුණු වේගය ගැන ද කල්පනාවට ගත යුතුය තිබුණා.දෙපසකින් නැඟෙන පීඩනයට හසුව පන්දු ඕවර් 30 ට මුහුණ දුන් ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 124 ක් පමණයි.
ඒ අනුව කොළඹ දකුණ සමඟ කොළඹ උතුර අවසාන තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් වන්නේ මේ මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් හී ආශිර්වාදය ලංකාවේ දසතට විහිද පැතිර තිබෙන නිමේෂයක,මීට දශක ගණනකට පෙර කොළඹ ක්‍රිකට්වලට තිබුණු සුවිශාල පරතරයේ ආශිර්වාදය හේතු කර ගෙන නොවේ.ආසන්න සමීප අවස්ථාවන් සහ බොහෝ සේ සමාන දක්ෂතා අතර පැවති තරගවලින් ජයගෙනයි. ඒ නිසාම අප මේ තරගාවලිය නියෝජනය කළ කණ්ඩායම් පහේම නායකයන් සහ කුසලානය ප්‍රවෘත්තියට අදාළ ඡායාරූපට ලෙස පළ කරන්නට තීරණය කළා.
