මේ රට ආපස්සට අරන් ගියේ එල්ටීටීඊ එක සහ ජවිපෙ – පොහොට්ටු ලේකම්

Date:

කොළඹ LNW:මේ රට ආපස්සට රැගෙන ගියේ එල්ටීටීඊ ය සහ ජනතා විමුක්ති පෙරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා කළේ රට සංවර්ධනය කිරීම බවයි කාරියවසම් මහතා සඳහන් කරන්නේ.

”JVP ය පිටරටවල්වලින් බිලියන ගාණක් අරගෙන රට බේරගත්ත නායකයාට එරෙහිව කුමන්ත්‍රණයක් කළා. අද දකුණු පළාතේ සංචාරක ක්ෂේත්‍රයේ ලොකුම හයිය මත්තල ගුවන්තොටුපල. පෝර්ට්සිටිය හදද්දී බොරු කිව්වා. අපි හෙව්වා මුන් රට ඒජන්තයන්ගෙන් රට විනාශ කරන්න ගත්ත ඩොලර්වලට මොකද කළේ කියලා. ඔන්න දැන් ආරංචි වෙනවා ඒවා දූපත්වල ආයෝජනය කරලා කියලා.මේ රටේ ජනතාව ඇත්ත තෙරුම් ගන්නවා.මිනිස්සු නැවත පක්ෂය සමඟ එක්රොක් වෙමින් පවතිනවා” යනුවෙන් කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියි.

ඔහු මෙම අදහස් පළකළේ ඊයේ (27) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බොරැල්ල ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ලියාපදිංචියේදී හා පැවරීමේදී TIN අංකය අනිවාර්යයයි

සටහන - රුවන් නෙළුගොල්ල වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී...

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...