ත්‍රිකුණාමලය ග්‍රීන් එනර්ජි හබ් එකක් කිරීමයි අරමුණ!

Date:

කොළඹ LNW:ත්‍රිකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ග්‍රීන් එනර්ජි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය හරහා මෙරට ආදායම් ලබන බලශක්ති කලාපයක් වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඒ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

“දැන් තෙල් තියෙන රටවල් බොහෝම ධනවත් රටවල් බවට පත්වෙලා වගේම ඉදිරියේ දී ඉන්ධන නිපදවීම සඳහා අවශ්‍ය වෙන්නේ සුළං, සූර්යාලෝකය සහ ජලය. ඒක අපිට ඇතිතරම් තියෙන රටක් නිසා ඒ කටයුත්ත සඳහා තමයි මේ ත්‍රිකුණාමලය කලාපය ග්‍රීන් එනර්ජි හබ් එකක් හැටියට නම් කරන්නේ. ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අනුව මේ ත්‍රිකුණාමලය ප්‍රදේශයත් ඉන්දියාවත් ඒ සමාගමත් එක්ක එකතුවෙලා අපි ග්‍රීන් එනර්ජි හබ් එකක් හැටියට දියුණු කෙරුවොත් තව වසර කිහිපයක් තුළ අපිට විශාල ආදායම් ලබන කලාපයක්, තෙල් තියෙන කලාපයක් වගේ තමයි ඉදිරියේ දී ග්‍රීන් හයිඩ්‍රජන් තියෙන කලාප පත්වෙන්නේ ඒක තමයි අරමුණ වෙලා තියෙන්නේ”යැයි රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...