සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): සබරගමුව පළාත් සභාවේ කටයුතු පිළිබඳව පසුගිය දා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරුණු අතර එහිදි සබරගමුව පළාත් සභාවේ 2019, 2020 සහ 2021 යන වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ විශේෂ අවදානයක් යොමුව තිබුණු අතර , සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයාට නිෂ්චය කළ ඉන්ධන දීමනාව වෙනත් පාර්ශවයක් වෙත ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සබරගමුව පළාත් සභාව් ප්‍රධාන ලේකම්වරයාගෙන් අද (28) දිනයේ කරුණු විමසීමට නියමිතව ඇත.
විෂය භාර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ, මේ සම්බන්ධයෙන් අද දිනයේ දී තමන් සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් කරුණු විමසීමට කටයුතු කරන අතර ඒ පිළිබඳ විධිමත් පරික්ෂණයක් සිදුකිරිමට පියවර ගන්නා බවයි.
ඔහු ඒ පිළිබඳ පැවසූවේ මෙවන් අදහසක් ,
“කෝපා කමිටුවට ඇවිත් තියෙනවා ඒක. මම දැන් පළාත් සභාවේ ප්‍රධාන ලේකම්ට කතා කරලා අහනවා මොකද්ද ඒ ගැටලුව කියලා. ගැටලුවක් තිබුණානම් ඒක නිවැරදි කරන්න කියලා. පස්සේ ප්‍රශ්නයක් ඇවිත් ඒක නතරවෙලා තියෙනවා. මම ඇමති විදියට මාසයකට වැඩි කාලයක් රට හිටියා නම් ඒ මාසයේ ඒක ලබාගන්න මට අයිතියක් නෑ, එහෙම අරන් නම් පළාත් සභාව මැදිහත් වෙලා ඒක නිවැරදි කරන්න කටයුතු කරනවා. කෝපා එකේ යනකල් මම දැනගෙන හිටියේ නෑ. විගණන වාර්තාව පළාත් සභාවට ආවහම පළාත් සභාවෙන් තමා ඒ කටයුතු කරන්නේ. අපේ පැත්තට ඒක එන්නේ නෑ. පළාත් සභා හරහාම ඒක නිවැරදි කරගන්න තිබුණ කාරණයක්. තමන්ට අයිති නැති දෙයක් ලබාගැනීම වැරදි වැඩක්.”
ලෙස රාජ්‍ය අමාත්‍යවරයා කීය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??
