වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ක්‍රියාකාරීන්ගේ විරෝධතාවක්!

Date:

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා සේවක අර්ථ සාධක අරමුදලේ ආයෝජන සඳහා ගෙවන පොලි ප්‍රතිශත පහළ හෙලීමට එරෙහිව හා අසාධාරණ බදු පැනවීම් වලට එරෙහිව යන තේමාවන් ඇතුලුව සහ තවත් සටන් පාඨ ගණනාවක් මුල් කර ගනිමින් ඒවාට වහා විසඳුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් ඒකාබද්ධ විරෝධතා උද්ඝෝෂණ ව්‍යපාරයක් අද (අගෝස්තු 28 වැනිදා) දහවල් කොළඹ කොටුවේදී වෘත්තීය සමිති ඇතුළු බහුජන සංවිධාන, සිවිල් දේශපාලන ක්‍රියාකාරීන් සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි විශාල පිරිසක් එක්ව පැවැත්වූහ.

මෙහිදී ප්‍රධාන තේමාවක් වූයේ “EPF/ETF මංකොල්ලය නවතනු! යන්නයි.

කෙසේ වෙතත් පැයක පමණ කාලයක් උද්ඝොෂණයේ නිරත වූ උද්ඝෝෂණයික් පා ගමනින් කොටුව දෙසට යාමට සූදානම් වීමේදී පොලීසිය සහ උද්ඝෝෂණයික් අතර උනුසුම් කාරී තත්වයක්ද ඇති විය. අනතුරුව පා ගමන එම ඉස්තානයේදීම පොලීසිය මැදිහත් වීමෙන් නවත්වා දැමුණි.

උද්ඝෝෂණය පැවැති කොටුව දුම්රිය ස්ථානය අසල පොලිසිය, පොලිස් කැරලි මර්දන ඒකකය, මෙන්ම යුද හමුදාවද යොදවා තිබුණි.එම ස්ථානයේ ජල ප්‍රහාරක රතයක්ද නවතා තිබෙනු දක්නට ලැබුණි .

මෙම විරෝධතාව සඳහා වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ නියෝජිතයින් 24 දෙනෙකුට අද පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කර තිබුණි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/595/Activists-demand-immediate-action-against-EPF-ETF-robbery

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...