ජාත්‍යන්තරව තහනම් පළිබෝධනාශක මෙරට භාවිතා කිරීම ගැන ඇමති අමරවීර වාර්තාවක් කැඳවයි!

Date:

කොළඹ LNW: අන්තර්ජාතිකව තහනම් කළ පළිබෝධනාශක ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වයාට උපදෙස් ලබා දී ඇත.

පරිසර යුක්ති කේන්ද්‍රය පසුගියදා අන්තර්ජාතික තහනම් කරන ලද කෘමිනාශක හා වල්නාශක ඇතුළත් පළිබෝධනාශක වර්ග 40ක් ශ්‍රී ලංකාව තුළ භාවිතා කරන බවට අනාවරණය කර තිබුණි.

ඒ අනුවයි අමාත්‍යවරයා ක්‍රියාත්මක වී ඇත්තේ.

කෙසේවෙතත් කෘෂිකර්ම අමාත්‍යාංශය මේ සම්බන්ධව කළ විමසීමක දී පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා අන්තර්ජාතික තහනම් කර ඇති පළිබෝධ නාශක මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබා දී නැති බවත්, පරිසර යුක්ති කේන්ද්‍රය පවසන පරිදි අදාල වාර්තාව ලබා දෙන්නේ නම් ඒ පිළිබඳව තමන්ට සොයා බැලීමක් කළ හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

රජය තහනම් කර තිබෙන පළිබෝධනාශක රට තුළ අලෙවි කිරීම, බෙදාහැරීම හෝ භාවිතා කිරීම තහනම් බවත් කිසියම් පුද්ගලයෙක් එය උල්ලංඝනය කරන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ලේකම් කාර්යාලයට බලය තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...