ලාංකීය දේශපාලන ආර්ථික අර්බුදය – මීළඟට මොකක්ද වෙන්නේ ?

Date:

කාල් මාක්ස්ට අනුව සියල්ලේ ප්‍රාථමිකය ආර්ථිකයයි..දේශපාලන අර්බූදයක් යනු ආර්ථික අර්බූදයේ ව්‍යුත්පන්නයයි..

මෙම න්‍යාය ලංකාවට අදාල කරගෙන බැලූවිට ලංකාව තුල ඇතිවූ ආර්ථික අර්බූදයේ දේශපාලන අර්බූධය එළඹීමට නියමිතව ඇත්තේ ඉදිරි ජනාධිපතිවරනයේදී සිදුවන මත විමසීමත් සමඟයි.. එහිදී ඇතිවන දේශපාලන අරබූදය විසින් පෙරලා උත්සන්න කෙරෙන ආර්ථික අර්බූදය දේශපාලන අර්බූධය සමඟ දෙක එකට ගමන් කරීමට ඉඩ ඇත..

එය එසේ වන්නේ මෙසේය..

ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වන්නේ ලංකාව තුල ඓතිහාසිකව වර්ධනය වූ දූපත්වාදී ජනතා චින්තනයක විෂයමූල තත්වයක් විසින් මිස යම් යම් අහම්බකාරක චෞර දේශපාලන චරිත නිසාම නොවේ.. දැන් නැවතත් ඒ ලිංමැඩි ජනතා චින්තනය මහපොලොවේ උරගා බැලෙන ඓතිහාසික මොහොත උදාවී තිබේ.. මෙහිදී බහුතර මතය සවිඥානික හෝ යහපත් එකක් වීමට ඇති ඉඩ ඉතාම අල්පය..

එසේම තවත් අතකින් එළඹෙන ජනාධිපතිවරනයේදී බොහෝවිට කිසිම පක්ෂයකට සීයට පනස් එකක බහුතරය ලබාගැනීමට නොහැකි තැනින් දේශපාලන අර්බූදයේ ප්‍රවේශය ඇතිවිය හැකියි.. එහිදී දෙවන මනාපයෙන් හෝ සාපේක්ෂ බහුතරය ගන්නා කන්ඩායමට බලය තහවුරු කරගනු වස් පාර්ලිමේන්තු මැතිවරණය, පලාත්සබා, ප්‍රාදේශීය සබා වැනි මැතිවරණ වැලක් පැවැත්වීමට සිදුවේ..එහිදීද තුනට කැඩුනු ප්‍රතිපලයක් ලැබෙනවා පමණක් නොව බංකොලොත් ආර්ථිකයක් මත විශාල මුදල් කන්දරාවක් වැයවෙමින් පැවැත්වෙන මැතිවරණ පෙරහැර හේතුවෙන් පත්වෙන ආන්ඩුවට ඔවුන් විසින්ම ඔවුන්ටම පාරාවලල්ලක් වන ආර්ථික බොම්බය පුපුරවාගැනීමට සිදුවේ..

සියළු අපේක්ෂකයන් විසින් තමන් පය ගසාගෙන සිටින්නේ යටින් බංකොලොත් වූ බිමක බව තක්කඩි ලෙස සඟවමින් තරඟෙට පොරොන්දු දෙන රෝමෑන්තික ආර්ථික සහන, සහ රටගොඩගන්නා ෆැන්ටසි ක්‍රමවේද ජයග්‍රහණයෙන් පසු සුනුවිසුනු වන යථාර්ථය විසින් බොහෝවිට පෙරලා ඉදිරි අර්බූදය තනනු ඇත..

මෙහිදී බලයට පත්වෙන ආන්ඩුවෙන් පිංපොං ජනතාව මහා පෙරලීන් සහ විප්ලව අපේක්ෂා කරන හෙයින් අවදානම් මොහොතක සිදුවෙන අත් හදා බැලීම් සුකුරුත්තං නිසා අර්බූදය දෙපිටින් යා හැකිය..

බලයට පත්වෙන සුළුතර ආන්ඩුව පත්වී නොබෝ කලෙකින්ම අපේක්ෂාභංගත්වය නිසා හටගන්නා මහජන කැළඹීම් හමුවේ පාර්ලිමේන්තුව තුලදීද පිටතද පොදු උදහසට ලක්විය හැකියි.. මේ තත්වය තුල මින් ඉදිරියට ලඟ ලඟ ආන්ඩු බිඳවැටීම හා පත්වීම හා නැවත නැවත බිඳ වැටීම සිදුවිය හැකියි…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...