අපිට දැන් පොලීසිය ආරක්ෂාව දෙන්නෙත් බොක්කෙන්මයි. යුනිෆෝම් නැතිවෙලාවක අහන්න – AKD

Date:

කොළඹ LNW:පළමු වරට නීතිය ඉදිරියේ සියලු දෙනාම සමාන තැනට පත්වෙන ශක්‌තිමත් ආණ්ඩුවක් සැප්තැම්බර් 21 පසු හදන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක ප්‍රමුඛ කාරණය වන්නේ නීතිය සහිත රටක් ස්ථාපිත කිරීම බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

”පොලීසිය කොහොමද? දැන් අහන්න එපා. යුනිෆෝම් නැතිවෙලාවක අහන්න. වැඩේ ඉන්නේ. අපිට තේරෙනවනේ.අපි රැස්වීම් වලට යනකොට අපි පාරේ යනකොට පොලීසියේ මහත්වරුන්ට වගකීමක් පැවරිලා තියෙනවා ජන්ද ව්‍යාපාරයක ආරක්ෂාව දෙන්න. හැබැයි අපට පේනවා. ආරක්ෂාව දෙනකොට පොලීසියේ මහත්තයා මැදිහත්වෙන්නේ තමන්ට පැවරිලා තියෙන රාජකාරිය ලෙස විතරක් සලකල නිවෙයි ඇගෙන්.ඇගෙන්.බොක්කෙන් එන්නේ. ඔව් මම දැකලා තියෙනවා. එහෙට දුවනවා.මෙහෙට දුවනවා. ඇයි එහෙම ආරක්ෂා කරන්නේ. පොලීසියත් අද එහෙම තමයි. ඊටපස්සේ තව හමුදාව ඕනේ. අද ජාතික ජන බලවේගය සතුව තමයි ලනක්වේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ ලොකුම එකතුව තියෙන්නේ. 40,000ක් ඉන්නවා. ඒ නිසා මේ සැරේ මොනවා කරලවත් මේක අවුල් කරන්න බැහැ. සහතික වශයෙන් සැප්තැම්බර් මාසේ 21 වැනිදා ජයග්‍රහණය කරනවා ජාතික ජන බලවේගය. අනිත් ඔක්කොම අන්ද මන්ද වෙලා තියෙන්නේ. ජන්ද ව්‍යාපාරයක් නෑ. කාර්යාලයක් නෑ. ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නෑ. අවලාද ගහනවා. බොරු ගහන, අසත්‍ය චෝදනා කරන එක විතරයි ඒගොල්ලන්ගේ මැතිවරණ ව්‍යාපාරය. අපි පියවරෙන් පියවරට,පිළිවෙලට ශක්තිමත්ව ගෙනල්ලා මේක ජයග්‍රහණය සඳහා මෙහෙයවමින් සිටිනවා. හැබැයි අපිට ආණ්ඩුවක් ඕනේ හෙල්ලෙන දතක් වගේ එකක් නෙවෙයි ශක්තිමත් ආණ්ඩුවක් ඕනේ. ඇයි මේ රට හදන්න ඉතාම වැදගත් තීන්දු කිහිපයක් ගන්න ඕනේ. ඔයගොල්ලෝ හොයල බලන්න දියුණු වෙච්චි හැම රටකම ප්‍රධාන සාධකයක් තමයි ඒ රටේ නීතිය හොඳයි. නීතිය ඉදිරියේ හැමෝම සමානයි. දියුණු රටවල් එහෙමයි. අපේ රටේ නීතිය ඉදිරියේ හැමෝම සමානද? නෑ. නීතිය ඉදිරියේ හැමෝම සමාන නම් මේ වෙනකොට අපේ පාර්ලිමේන්තුවෙන් බාගෙකට වඩා ඉන්න ඕනේ කොහෙද ඇතුලේ. නීතිය සමාන නම ජනක බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න විදිහක් නෑ. මට වඩා දන්නවා ඕගොල්ලෝ.මොනවද කළේ කියල. හැබැයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. නීතිය ඉදිරියේ සමාන නෑ. ඝාතන කරපු අය,වංචා දුෂණ වලට හවුල් වෙච්චි අය අද පාර්ලිමේන්තුවේ ඉන්නවා නීතිය ඉදිරියේ සමාන නෑ. හැබැයි අපි පළමු වතාවට ආණ්ඩුවක් හදනවා සල්ලි තියෙනවද?නැද්ද?බලය තියෙනවද?නැද්ද?ඒ කිසි දෙයකින් තොරව නීතිය හැමදෙනාටම සමාන රටක්.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ බද්ද අඩුකර ගැනීමට ජනපති අනුර සහ USTR තානාපති අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ...

ජපන් වාහන වලට තිබුණ රැස් බස්සන BYD, MG රැල්ල!

සටහන – පුලී ජූලි 25, කොළඹ (LNW): 2025 වසරේ පෙබරවාරි...

චෙම්මනි ඛේදවාචකය:දෙවන අදියරේ 20 වැනි දිනය වන විට මිනිස් සිරුරු 90ක අස්ථි හඳුනා ගනී! (PHOTOS)

කොළඹ LNW: යාපනය,චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මිනිස් අස්ථි...

මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව – තවත් 2000කට වැඩි දෙනෙක් අත්අඩංගුවේ!

කොළඹ LNW:මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා...