නංගි රත්තරන් වී අක්කා ලෝකඩ වේ

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 29, කොළඹ LNW:

මේ දිනවල ආරිජෙන්ටිනාවේ පැවත්වෙන මේස පන්දු තරගාවලියක් ගැන ලාංකේය මේස පන්දු ලෝලීන් අවධානය යොමු කර තිබෙනවා.ඒ ඇමෙරිකාව නියෝජනය කරමින් ලාංකේය සම්භවයක් සහිත ටාෂියා පියදාස සහ ටියානා පියදාස තරග වදින නිසයි.
ඔවුන් දෙදෙනා ඇමෙරිකාව නියෝජනය කරනවා.ටාෂියා දැනටමත් ඇමෙරිකාවේ ඉහළ පෙළේ මේස පන්දු බලාපොරොත්තුවක් බවට පත් ඇති නිසා මේ තරගාවලියේදී ඇයට අවුරුදු 15 න් පහළ ඉසව් පැන ගොස් 19 න් පහළ ඉසව් ජය ගැනීමේ අපේක්ෂාවෙන් එම වයස් කාණ්ඩයට විශේෂ ඉල්ලීමක් කර ඇතුළත් කරන්නට ඇමෙරිකානු මේස පන්දු බලධාරීන් කටයුතු කරනවා.


මේ වන විටත් තරගාවලිය ක්‍රියාත්මකව පවතින අතර තරගාවලියේ අවුරුදු 15 න් පහළ බාලිකා සූරතාවය ඇමෙරිකාවට හිමි වෙනවා.එම කණ්ඩායමේ සාමාජිකාවක් වන්නට ටියානාට හැකි වෙනවා.එහෙත් ටාෂියා ට තමන්ට වඩා වයසින් වැඩි අය සමඟ කළ සටන් පහසු වූයේ නැහැ.ඇය ඇතුළු ඇමෙරිකානු කාන්තා කණ්ඩායමට 19 න් පහළ කණ්ඩායම් අංශයේ තරගයේධී හිමිවන්නේ ලෝකඩ පදක්කමක් පමණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...