Fish Therapy ජනප්‍රිය සුවිශේෂි සත්කාර ක්‍රමය ගැන ඔබ නොදත් දේ…

Date:

ලෝකයේ බොහෝ රටවල ෆිෂ්තෙරපි එසේ නැත්නම් මත්ස්‍ය සම්භාහන ක්‍රමය ජනප්‍රිය විශේෂිත වූ සම්බාහන ක්‍රමයකි. වර්තමානය වෙද්දී අපේ රටේත් මෙම සුවිශේෂි සත්කාර ක්‍රමය ජනප්‍රිය වෙමින් පවතී. මොකක්ද මේ සම්බාහන ක්‍රමය කියන්නේ ඒ ගැනයි මේ විමසුම,

අද ලෝකය පුරාම බොහෝ දෙනා සොබාදහමට ළංව තම සෞඛ්‍ය වර්ධනය කර ගැනීම සඳහා භාවිතා කරන ප්‍රතිකර්ම රැසක් බොහෝ ජනප්‍රිය වෙමින් පවතී. ඒ අතර ලෝකයේ වගේම අපේ රටේ ඇතුළුව ආසියානු රටවල මෙම සම්බාහන ක්‍රමය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබේ. මෙය Fish Therapy හෝ Fish Pedicure ලෙසද හඳුන්වයි.

Garra Rufa නම් කුඩා මාළු විශේෂය යොදා ගනිමින් මෙම සම්බාහන ක්‍රමය සිදු කරයි. මෙම මාළුවන් සිටින වතුරට අපේ දෙපා දමා සිටීමෙන් සිදුවන ස්වභාවික සම්බාහන සත්කාරයකි. මෙම සම්බාහන ක්‍රමයට මෙම මාළුවන් පමණක් යොදා ගැනීමට හේතුව වන්නේ මෙම මාළුවන්ගේ කටේ දත් රහිත වීමයි. දත් රහිත වීමෙන් අපේ පාද වතුරට දමා තැබීමෙන් හොඳින් පාද සම්භාහනයක් සිදුවී , කිසිදු අනතුරක්, තුවාලයක් පාද වලටසිදු නොවේ.

මෙලෙස මෙම පාද දමා තැබීමෙන් පාදවල මතුපිට මැරුණු සෛල ඉවත්වීම සිදු වී පාදයේ සම හොඳින් පිරිසිදු වී සමට නැවුම් බවක් ලබාදෙයි.

තවද මෙම සත්කාර සිදුකිරීමෙන් පොතු කබර, සමේ කැසීම්, මානසික ආතතිය අවම කර ගැනීමට, ස්වභාවිකව සිරුරේවිෂ හරණයක් සිදුකර ගැනීමට වගේම පාද වියලීම ද වළක්වා ගත හැක.

ඒ වගේම Dermatitis And Eczema, psoriasis වැනි රෝගයන් වලට බොහෝ ගුණ දෙන බවට වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණවලින් හෙළි කර තිබේ.

මෙම ප්‍රතිකාර ක්‍රමය ලෝකයේ දැනට තුර්කීය, තායිලන්තය, ජපානය, මැලේසියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය වගේම අපේ රටෙත් මෙය රට පුරාම ව්‍යතවීමක් නොමැති වුවත් හික්කඩුව, උණවටුන, ගාල්ල ,මාතර, නුවරඑළිය, උඩවලව වැනි සංචාරක කලාපවල මෙම සත්කාර සුවය ඔබට අත්විඳීමට පුළුවනි.

මෙම සත්කාර ක්‍රමය අපේ රටේ ජනයා අතර එතරම්ම ජනප්‍රිය නොවුනත් සංචාරකයන් නම් මෙම සුවිශේෂී ආකර්ෂණීය සත්කාරය විඳීමට වගේම එහි ප්‍රතිලාභ ලබා ගැනීමට ඉහළ උනන්දුවක් දක්වයි.

මෙම සත්කාරය කිරීමට පෙර පාද පරීක්ෂාවක් සිදුකර වගේම පාද හොඳින් පිරිසිදු කිරීමත් කරගත යුතුයි.

මෙම සත්කාරයෙන් පසුවත් දෙපා හොඳින් පිරිසුදු ජලයෙන් සේදීම සිදුකළ යුතු අතර සත්කාරය සිදුකර දින අධික හිරු එළියට නිරාවරණය වීමෙන් ද වැළකිය යුතුයි.

මෙම සත්කාර ක්‍රම මෙරට ව්‍යාප්ත කිරීමෙන් ශරීරයේ රෝගයන්ට සුවයක් ලැබෙනවා සේම දේශීය ව්‍යාපාර /ආයුර්වේද සහ ෆිෂ් තෙරපි ඒකාබද්ධ ක්‍රමයක් මගින් ප්‍රතිකාර කිරීම සිදුකළ ගත හැකියි, වගේම Garra Rufa මාළුවන් බෝකර අපනයනය කිරීම වැනි ආර්ථික සෞඛ්‍ය ප්‍රතිලාභ බොහොමයක් මෙම ස්වභාවික සත්කාර ක්‍රම ව්‍යාප්තිය මගින් සිදුකළ හැක.

සිරිකත පුවත්පත ඇසුරිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...