අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුව අදත් කොළඹට! ඉල්ලීම් රැගත් සංදේශයකුත් ආයතන රැසකටම භාර දෙයි!

Date:

කොළඹ LNW: අගෝස්තු 30 වැනිදාට යෙදෙන බලහත්කාරි අතුරුදහන් කරවීම්වලට ලක්වූ වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අද (29) දින අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අධිකරණ හා ජාතික ඒකාග්‍රතා අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක් වෙත ගොස් සිය ඉල්ලීම් සහිත ලියවිල්ලක් භාර දීම මෙන්ම සාමකාමී විරෝධයක් පැවැත්වීමට කටයුතු කර තිබුණි.

මෙහිදී මුලින්ම අධිකරණ හා ජාතික ඒකාග්‍රතා අමාත්‍යාංශය වෙත එම වින්දිතයින් ගිය අතර ඉතාමත් කඩිනමින් අමාත්‍යවරයා විසින් ඔවුන්ට සාකච්ජාවක් ලබා දී ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳ අවධානය යොමුකර ඇත.

අතුරුදහන් වුවන්ගේ පවුල් වෙත ලබා දීමට එකඟවී ඇති රුපියල් ලක්ෂ දෙකේ දීමනාව නොගෙවීම ඇතුලු පොදු ඉල්ලිම් එම ලියවිල්ලට එකතු කර තිබේ.

මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය,ඇමරිකානු තානාපති කාර්යාලය,කැනඩා මහකොමසාරිස් කාර්යාලය, මෙරට ජර්මානු තානාපති කාර්යාලය, එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය, යුරෝපා සංගමයේ කාර්යාලය ඇතුළු තවත් තානාපති කාර්යාලය කිහිපයක වෙත සිය ඉල්ලීම් රගත ලියවිල්ල භාර දීම සිදුකර ඇත.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...