*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

මංචි ගුවණට

මංචි සුපර් ලීග් තරගාවලියේ කාන්තා සහ පිරිමි සූරතා ද්විත්වයම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු කර ගන්නට සමත් වුණා.කණ්ඩායම් දෙකම සමන්සිරි සෙනවිරත්නගේ මඟ පෙන්වීම හරහා සූරතාවයන් කරා ළඟා වීමත් විශේෂත්වයක්.මන්ද යට ගැසූ රබර් බෝල මෙන් සමන් ඇතුළු පුහුණුකරුවන් තමන්ට ජාතික ක්‍රීඩාවේ දක්ෂතා වෙනුවෙන් දැක්විය හැකි දායකත්වය විවිධ බාධා කිරීම් මැද මෙසේ දැක්වීම අගය කළ යුතුයි.
ගුවන් හමුදා කණ්ඩායම් ද්විත්වයම බොහෝ කාලයකට පසුව මේ ආකාරයට ජාතික සූරතාවලට ළඟා වීම අගය කළ යුතු අතර පිරිමි තරගාවලියේදී යළිත් වරක් වර්ථමාන වොලිබෝලයේ තාරුණ්‍යයේ විශිෂ්ඨත්වය සනාත කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මහේල ඉන්දීවර වටිනාම ක්‍රීඩකයා බවට පත් වුණා.කාන්තා අංශයේදි එම වර්ණවත් ඇගයීමට සුදුසුකම් ලබා ගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනූෂා අබේසිංහ යි.

කාන්තා අවසන් තරගය ආරම්භයේදිම ප්‍රථම වටය යුද හමුදා කණ්ඩායම සතු කර ගන්නට සමත් වූ අතර එහිදී ලකුණු තත්ත්වය සටහන් වූයේ 25 – 17 ක් ලෙසයි.නමුත් දිනේෂා ප්‍රසාදිනි වැනි ක්‍රීඩිකාවන් සිය අත්දැකීම් සමඟ ගුවන් හමුදාවට පෙරට ගෙන එන්නට අවශ්‍යය මඟ සළකුණු පාමින් ක්‍රියාත්මක වුණා.ඒ අනුව ඉදිරි වට තුන ලකුණු 25 – 21,25 – 23 සහ 25 – 20 ක් ලෙස ගුවන් හමුදාව විසින් දිනා ගත්තා.නමුත් තරගයේ දක්ෂතම ලිබරෝ ක්‍රීඩිකාව වූ යුද හමුදාවේ තමරා කුමාරි සතු පන්දු ගොඩ ගැනීමේ හැකියාවත්,වාසනා පෙරේරා,අප්සරා සෙව්මාලි වැනි ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාත් සමඟ එම කටයුත්ත පහසු එකක් වූයේ නැහැ.

පිරිමි අවසාන තරගයේදී ගුවන් හමුදාව සමඟ තරග වැඳුණේ විදුලි බල මණ්ඩල කණ්ඩායමයි.නිතර වර්ථමානයේ ඇසෙන දක්ෂ තරුණ ක්‍රීඩකයන්ගේ බලකොටු බවට පත් වී තිබෙන මෙම කණ්ඩායම් දෙකේ ගැටුම වේගය සහ ජවය මුසු අපූරු එකක් වුණා.එහිදී නිරන්තරයෙන් අභියෝගයන් මතුව ආව ද,විදුලි බල මණ්ඩල කණ්ඩායම පරාජයට එරෙහිව සැකසූ ආවරණ බිඳිමින් තරග වට තුනම පිට පිට ජය ගනිමින් ගුවන් හමුදාව මෙවර මංචි සුපර් වොලිබෝල් සූරතාවය තමන් සතු කර ගත්තා.

ප්‍රථම වටයේ දී ලකුණු 27 – 25 ක් ලෙස වටයේ ජයග්‍රහණය ගුවන් හමුදාවට දැඩි අභියෝගයක් වුවත්,ඉතිරි වට දෙකේදී එල්ල වූ පීඩනය පිළිවෙලින් 25 – 22 සහ 25 – 21 ලෙස පාලනය කර ගනිමින් ජය ගැනිමට සමත් වුණා.
වර්ථමානයේ බිස්කට් අලෙවිය බිඳ වැටි තිබෙන තත්ත්වයක සහ ඊට පිළියම් සෙවීම සඳහා කාලය යොදමින් ඉන්න මොහොතක ජාතික ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් මංචි භාරගත් වගකීම ඉටු කිරීම අගය කළ යුතුයි.
ඡායාරූපයේ දැක්වෙන්නේ ගුවන් හමුදා කාන්තා කණ්ඩායම ජයග්‍රාහි කුසලානය ලබා ගත් අවස්ථාවයි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan