බංකොලොත් රටක ලක්ෂ 600 ක බෙන්ස් වාසනාවන්තයෙක් !

Date:

ණය වාරික ගෙවාගත නොහැකිව, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා ආනයනය කරගත නොහැකිව දැවැන්ත ඩොලර් අර්බුදයකට මුහුණ දී රටම බංකොලොත් තත්වයට පත්ව තිබියදී ඇතැම් දේශපාලනඥයන්ට හා ඇතැම් ඉහළ රාජ්‍ය නිළධාරීන්ට නම් වසන්තය උදා වී තිබේ.

ඉන්ධන නෞකාවකට අවශ්‍ය ඩොලර් සොයා ගැනීමට හෝ නොහැකි වුවද දේශපාලනඥයන්ගේ සහ ඉහළ රාජ්‍ය නිළධාරීන්ගේ වාහන සිහිනය සැබෑ කිරීමට නම් ඩොලර් සොයා ගැනීම එතරම් අසීරු නොමැත.

මෑතකදී පත්වීම් ලැබූ එවැනි ඉහළ නිළධාරියෙකුගේ වාහන සිහිනය වෙනුවෙන් පසුගියදා රුපියල් ලක්ෂ 600 ක් වැයකර ඇති බව වාර්තා වේ. ලක්ෂ 600 ක් අත්පිට මුදලින් ගෙවා ඔහු වෙනුවෙන් අලුත්ම වර්ගයේ බෙන්ස් රථයක් මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එක් අතකින් රටම බංකොලොත් වී ජනතාව තුන්වේල සපුරා ගත නොහැකි තත්වයට පත්ව තිබියදී සියලු කැපකිරීම් සිදුකර ජනතා දුක නිවීම වෙනුවෙන් තනතුරු බාර ගන්නා පුද්ගලයන්ට මෙවැනි සොච්චම් මුදලක් වැය කිරීමේ වැරැද්දක් නැත.

මෙම වාහන මිලදී ගැනීම පිළිබඳව සාක්ෂි සහිතව සියලු තොරතුරු අනාවරණය කිරීමට LNW ඉදිරියේදී කටයුතු කරන්නෙමු.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...

සර්වඥ ධාතු ප්‍රදර්ශනයට සූදානම්. ජනාධිපතිවරයා විශේෂ සාකච්ජාවකුත් කැඳවයි!

කොළඹ LNW:ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය...

ආපදාවෙන් නිවාස අහිමිවූ වතුකර ජනතාව සඳහා තාවකාලික නිවාස ලබාදීමට සැලසුම්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් විපතට පත්ව නිවාස...

සෝන්ඩර්ස් සහ පෙලිකන්ස් දෙපසින් අපරාජිතව පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: ක්‍රියාත්මක චැම්පියන්ස් ජාතික පාපන්දු...