කහ නැතුව හොදි කෑවට බැටරි නැතුව කොහොමද ෆෝන් එකක් පාවිච්චි කරන්නේ? (VIDEO)

Date:

ජංගම දුරකථන බැටරි සහ උපාංග ආනයනය තහනම් කිරීමට රජය එක රැයින් ගත් තීන්දුව හේතුවෙන් එම කර්මාන්තය දැඩි අනතුරකට මුහුණ දී සිටින බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයනකරුවන්ගේ හා විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙන්වාදුන්නේය.

මෙම ආනයන තහනම් කිරීම තුළ ඉදිරියේදී රට තුළ ඒවායෙහි විශාල හිඟයක් මෙන්ම කළු කඩ මිලක් ඇති විය හැකි බවයි සෙනරත් මහතා සඳහන් කළේ.

විශේෂයෙන් ජංගම දුරකථන බැටරි ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය නොවන හෙයින් එවැනි දේ ආනයන තහනම් කරන විට මීට වඩා බලධාරීන් සැලකිලිමත්විය යුතු අතර රට පවතින තත්ත්වය සමඟ ආනයන ප්‍රතිපත්ති ඇති කිරීමට එකඟවුවත් රට තුළ එම අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය නොවන තත්ත්වයක එවැනි දේට සැලකිල්ලකින් තොරව තහනම් පැනවීම පිළිගත නොහැකි බවයි ඔහු කියාසිටියේ.

මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් මහත්මයා කියන ආකාරයට ජංගම දුරකථන අලුත්වැඩියා කර භාවිතා කිරීමටත් බැටරි තිබිය යුතු බව ඔහු කියාසිටියේය.

මේ වන විට අලුතෙන් ජංගම දුරකථන අලෙවිය 80%කින් පමණ අඩුවී තිබෙන අතර උපාංග ඉල්ලුම 118%කින් පමණ වැඩි වී ඇති බව සඳහන්.

එහෙත් මෙම වැඩි ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිය නොහැකි තත්ත්වයක් පවතින බව සමිත් සෙනරත් මහතා සඳහන් කළේය.

මෙවැනි පසුබිමක සිදුවන්නේ කළු කඩ නිර්මාණය වීම බවා ඔහු ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ...

කතරගම රත්තරන් විකිණීමට එරෙහිව දේව කන්නලව්වක්

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර...

Free Lawyers දැවැන්ත නීතීඥ සමුළුවක් පැවැත්වීමට සූදානමින්

විපක්ෂයට සම්බන්ධ නීතීඥවරුන්ගෙන් සමන්විත Free Lawyers සංවිධානය විසින් ජනවාරි...