මෙරට ළමා මන්දපෝෂණය පිළිබඳ යුනිසෙෆ් නිකුත් කළ වාර්තාව ගැන සජිත් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරයි

Date:

ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ළමයින් අතර ක්‍රමයෙන් වර්ධනය වන මන්දපෝෂණ තත්වය පිළිබඳව යුනිසෙෆ් සංවිධානය පසුගියදා වාර්තාවක් නිකුත් කර තිබිණි. අදාල වාර්තාවට අනුව ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේම 06 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

මෙම වාර්තාව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළේය.

විපක්ෂ නායකයා එහිදී සඳහන් කළේ මෙය ඉතා බරපතල තත්වයක් බවයි. සමස්ත ලෝකයේම 06 වැනි තැනට මෙන්ම ආසියානු කලාපයේ ළමා මන්දපෝෂණය අතින් දෙවැනි ස්ථානයට පත්ව ඇති බව පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ මේ පිළිබඳව සෞඛ්‍ය බළධාරීන්ගේ කඩිනම් අවදානය යොමුවිය යුතු බවයි.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සඳහා නිළ නිවාස සකස් කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 4000 ක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව පෙන්වා දෙන විපක්ෂ නායකයා, එවැන කටයුතුවලට මුදල් වැය කිරීමට පෙර රටේ ජනතාවගේ කුසගින්න නිවා දැමීම සඳහා, විශේෂයෙන් අනාගත පරපුරරේ පෝෂණය සඳහා ක්‍රියාමාර්ග ගතයුතු බවද අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...