සිංහරාජ හෝටලය මගේ හවුල් ව්‍යාපාරයක්, බොරු ප්‍රචාර පතුරවන අය උසාවි යන්න ලෑස්ති වෙන්න – රෝහිත

Date:

පසුගිය මැයි 09 වැනිදා රටපුරා ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් අතරතුර ගිනිගෙන විනාශ වූ, සිංහරාජ වනාන්තරය ආසන්නයේ පිහිටි සුඛෝපභෝගී හෝටලය තමන්ට අයත් එකක් බව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා පිළිගෙන තිබෙනවා. නිවුස් ෆස්ට් සිදුකළ විමසීමකදී ඔහු පවසා තිබෙන්නේ එය තමන් ඇතුළු කිහිප දෙනෙකුට අයත් හවුල් දේපලක් බවයි.

අදාල නිවාඩු නිකේතනය නීත්‍යනුකූලව ඉදිකළ නිවාඩු නිකේතනයක් බවත්, යම් ගැටලුවක් තිබේ නම් කුමන පාර්ශ්වයකට වුවද නීතිමය පියවර ගැනීමේ හැකියාව තිබෙන බවත් රෝහිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.

අදාල නිවාඩු නිකේතනයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සොයා බලන ලෙස අරගලයට සම්බන්ධ පාර්ශ්වයක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

රෝහිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසන්නේ මෙම හෝටලය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව පදනම් විරහිත හා අසත්‍ය චෝදනා එල්ල කරන බවයි. එම පාර්ශ්වවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, අධිකරණය හමුවේ පෙනී සිටීමට සූදානම් වන ලෙස එම පුද්ගලයන්ට දැනුම් දෙන බවත් රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...