හේලීස් ඇග්රිකල්චර් ලොව ඉහළම තාක්ෂණය ඇසුරින් Inotec පොලිඑතිලීන් නල දේශීයව නිෂ්පාදනය අරඹයි

Date:

හේලීස් ඇග්රිකල්චර් හෝල්ඩින්ස් ලිමිටඩ් විසින් පොලිඑතිලීන් නල නිෂ්පාදන කම්හලක් විවෘත කර තිබේ. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින් උසස් ජල සම්පාදන විසඳුම් ලබාදීම අරමුණු කරගනිමින් මෙම නවතම කර්මාන්තශාලාව ස්ථාපනය කර ඇත්තේ සපුගස්කන්ද ලින්ඩෙල් කාර්මික පරීශ්‍රය තුළ ය.

හේලීස් ඇග්රිකල්චර් ආයතනය මෙම නවතම කර්මාන්තශාලාව ආරම්භ කර ඇත්තේ ක්ෂුද්‍ර ජල සම්පාදනය පිළිබඳව ලොවම පිළිගත් තාක්‍ෂණයක් සහ දැනුමක් සහිත තායිලන්තයේ Kanok Products ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට එළඹෙමිනි.

මෙම නවීන කර්මාන්තශාලාව තුළ 16mm සිට 63mm දක්වා විෂ්කම්භයක් සහිත උසස් තත්ත්වයේ නියම අමුද්‍රව්‍ය භාවිතයෙන් නිමවුණු නල නිෂ්පාදය කරන අතර එම නල බිංදු සහ විසිරුම් (Drip and Sprinkler) ජල සම්පාදන ද්විත්වයටම යෝග්‍ය වේ. මෙමගින් දේශීයව නිෂ්පාදනය කරන ලද වැඩි ඝනත්ව පොලිඑතිලීන් (HDPE) සහ අඩු ඝනත්ව පොලිඑතිලීන් (LDPE) නල පහසු මිල ගණන් යටතේ ලබා ගත හැක.

හේලීස් ඇග්රිකල්චර් සමාගම කෘෂිකාර්මික ක්ෂේත්‍රය වෙනුවෙන් ගුණාත්මක සහ නව්‍ය විසදුම් ලබාදීම පිළිබඳව මෙරට ගොවි ප්‍රජාවගේ ඉහළම විශ්වාසයක් දිනාගෙන සිටින ආයතනයක් වන අතර එහි කෘෂි උපකරණ අංශයේ ප්‍රමුඛ සන්නාමයක් වන “Inotec පියස” මෙරට කෘෂිකර්මාන්තය නව තාක්ෂණය සමඟ මුසු කිරීමට අවශ්‍ය සියලුම යෙදවුම් සැපයීම තුළින් අද්විතීය නාමයක් හිමිකරගෙන සිටී.

මෙම නව කර්මාන්තශාලාව විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සහභාගි වූ අතර හේලීස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා, කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා ඇතුළු කෘෂිකර්ම අංශයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසක් ද එම අවස්ථාවට සහභාගී වූහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...