වාරිමාර්ග අමාත්‍යාංශයේ වාහන 344 ක් හොයාගන්න නෑ ?

වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් වාහන 344ක් මේ වනවිට එම අමාත්‍යාංශය භාරයේ නොමැති බව නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වී තිබේ.

විගණනයේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු අනුව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් හෝ අමාත්‍යාංශ ලිපිනය යටතේ ලියාපදිංචි කර ඇති වාහන සංඛ්‍යාව 650කි. නමුත් අමාත්‍යාංශයේ වාහන පිළිබඳ ලේඛනය අනුව අමාත්‍යාංශය පරිහරණය කරන වාහන සංඛ්‍යාව 306 ක් පමණක් බව සඳහන්.

ඒ අනුව එම අමාත්‍යාංශයට අයත් වාහන 344ක් එම අමාත්‍යාංශය භාරයේ නොමැති බවයි පසුගිය 26 වනදා නිකුත් කෙරුණු විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකගේත් වැඩ තහනම් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ (HQI)...

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරෙන් මියගිය සංඛ්‍යාව 68 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 29: ස්පාඤ්ඤයේ මධ්‍යම...

Exclusive : රඛිත රාජපක්ෂගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී. රඛිත ෆෝනුත් ඕෆ් කරන් පනී !

හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂගේ නිවසට...