සිව්වන රන්දෝලි පෙරහැර අද රාත්‍රී යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතය.

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම අද (29) රාත්‍රී යෙදෙන සුබ මොහොතින් සිදුකිරීමට නියමිතය.

රාත්‍රී හත පසුවී මිනිත්තු පහළොවට යෙදෙන සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව්මහා දේවාල පෙරහැර සමඟින් වීදි සංචාරයට එක්වේ.

දළදා වීදියෙන් පිටත්වන පෙරහැර යටිනුවර වීදිය, හරස් වීදිය, කොටුගොඩැල්ල වීදිය, කන්දේ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ පැමිණ රජවීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදීම සිදුවේ.



ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර ඊයේ (28) වීදි සංචාරය කළ අතර එහිදී සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවනු ලැබුවේ කැලණි රජමහ විහාරයේ කණ්ඩුල ඇතු විසිනි. දෑලේ ගමන් කරන ලද්දේ මියන්රාජා සහ සිංහරාජා ඇතුන්ය.

පෙරහැර නැරඹීම සඳහා ඊයේ දිනයේත් අති විශාල ජන පිරිසක් සහභාගීව සිටි අතර දහසකට අධික මහා සංඝරත්නය ද පෙරහැර නැරඹීමට එක්විය.

අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීම මත පෙරහැර නැරඹීමට පැමිණි සැදැහැවතුන් සඳහා බත් පාර්සල් ප්‍රදානය කිරීම මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා සහ අකුරණ ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා අබේසිංහ මහත්මියගේ සහභාගීත්වයෙන් මහනුවර දළදා වීදියේදී සිදුවිය.

මහනුවර පිහිටි ඉන්දීය සහකාර මහ කොමසාරිස් කාර්යාලය මගින් පවත්වන ලද අයිස් ක්‍රීම් දන්සල ශ්‍රී දළදා මාලිගාව අභියස දී පැවැත්විණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තය සටනට සැරසෙයි…

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා පිරිමි ෆුට්සාල් දකුණු ආසියාවේ පහළටම වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව වර්ධනයට ඉඩක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

ලංකාවේ නොවන ලංකාවෙ දෙන්නාගේ දස්කම්

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මේ දිනවල නැමිබියාවේ සහ...