*
Friday, October 4, 2024
spot_img

Latest Posts

නෙට්බෝල් ගැන අපේ අදහසෙන් අං මතු කරගත් නෝනා කෙනෙක්

ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ දැවන්ත දැනුමක් සහිත නෝනාවරු විසින් ගත් තීරණයක් සම්බන්ධයෙන් අප සරල විවේචනයක් කළෙමු.එය විවේචනයකට වඩා යම් යෝජනාවකි.දැඩිව පිළිකුලෙන් හෙලා දැකීමක් දමා ගැසීමක් හෝ නොවුණු ඒ විවේචනය සම්බන්ධයෙන් දැල් පන්දු කවුන්සිලයේ සාමාජිකාවන් අතර වූ සංවාදයකදී එහි එක්තරා නෝනා කෙනෙක් දමා ගසා ඇති බරපතල වචන මාලාවකින් ඔවුන් ගනු ලබන තීරණ ගැන මාධ්‍ය කිසිඳු විවේචනයක් නොකළ යුතු මට්ටමේ තත්ත්වයක් උලුප්පා දත්වන්නට උත්සාහ කර ඇත.එහි සිටින ප්‍රඥාවන්ත,කිසිඳු විවෙච්නයක් නොකළ යුතු ශුද්ධවන්ත නෝනලා අතර සිටින යම් අයෙක් ඒ තොරතුර අපට ද ලැබෙන්නට සළස්වා ඇත.


මේ නෝනලා එකිනෙකාගේ දැනුම ගැන එකිනෙකාට කරගන්න චෝදනා අතර යම් සත්ව කොට්ඨාශ ගැන ද කියැවි අවස්ථා අපේ මතකයේ ඇත.නමුත් බලය බෙදා ගැනීම සඳහා ඔවුන් එක්වන වෙන්වන අවස්ථාවල දි මේ ස්වරූප දේවත්වයේ සිට සත්ව ආත්ම දක්වාම වෙනස් විය හැකි බව අපි අත්දැකීමෙන් දනිමු.මේ දේවත්වයෙන් සළකන මොහොතක් බැවින් ඒ නෝනාට අනුව කවුන්සිලයේ සිටින අයගේ ස්වරූපය මෙබඳුය.ඒ අය ගන්නා තීරණ දශමයක්වත් වෙනස් නොවිය යුතු තරමට ශුද්ධය.


//එකී සංගමය තම අනුබද්ධ සංගම් වලින් සමන්විත කවුන්සිලයේ තීරණ ක්‍රියාත්මක කිරීමට බැදී සිටී . මක් නිසාද කවුන්සිලයේ (netball counsil ) දී යෝජනා ස්ථීරත්වයෙන් සම්මත වන තීරණ එම රට තුල සමස්ත ක්‍රීඩාවේ ප්‍රගමනයට යහ පැවැත්ම ට එක හෙලා බලපෑමක් ඇතිකල හැකි බැවිනි .


අනෙක මෙම counsil එකේ නියෝජනය දෙස බැලූවිට එහි. සමහර සාමාජිකයන් තම වටිනා දැනුම ජීවිත කාලය පුරාවටම නෙට්බෝල් වෙනුවෙන් යොදවා ඇති බැව් පිළිඹිබු වේ .


නෙට්බෝල් පිලිබදව එසේ වූ විද්වත් කමිටුව ක් මගින් ගන්නා ලද තීරණ පස්සට ඇදීම නැවත සලකා බැලීම ට යෝජනා කිරීම මුලු මහත් ක්‍රීඩාවට ම කරන නිගාවකි හෑල්ලුවට ලක් කිරීමකි . අනෙක counsil තීරනයන්ට කරන අසාධාරණ වූ බලපෑමකි
එ නිසා අපි counsil members ලා ලෙස මේ මාද්‍ය නිවේදනය නෙට්බෝල් ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් ලියන ලද්දක් නොවන බව සලකා ඒ වෙනුවෙන් අපගේ වටිනා කාලය අපතේ නොහැරීමට තීරණය කරමු . අයහපත් අභියෝගයට ලක් කරන අතර ,අප විසින් counsil එකේදී යෝජනා සම්මත කරමින් ගන්නා ලද තීන්දු වෙනුවෙන් .අපි සියලු දෙනා පෙනීසිටිමු.//


එම නෝනාගේ අදහස්වල ඉහත වචන අමුණා තිබිණි.ඒ ඒ එක එක වචනාර්ථවලින් බැහැරව මේ කවුන්සිලයේම සාමාජිකාවන් එකිනෙකා අපට ඔවුන් නැති අවස්ථාවල හඳුන්වා දී ඇති අවස්ථා ඇති බැවින් ඇත්තටම මේ කියන දේ සහ එවැනි අවස්ථාවල අප අසා ඇති දේ අතර ඇති පරස්පරය සළකා මේ ගැන වද වීම අපේ අපේක්ෂාව නොවේය.

නමුත් එක දෙයක් කිව යුතුය.සමහර කරුණු ඇතුළට වඩා පිටට පෙනෙන හැටි වෙනස්ය.ඇතුළට පෙනෙන හෝ දැනුමට පෙනෙන හැටි ටක්කෙටම හරි කියා සිතීමේ උද්ධච්ඡකම හැරුණ කොට වෙනස් දෙයක් මේ නෝනාගේ ලිපියට අඩංගු කර තිබෙන කරුණුවලින් නොපෙනේය.
ක්‍රීඩාවක් පරිපාලනය කිරීමට සම්මේලනයක් හෝ සංගමයක් පත්වන්නේ මේ රටේ පුරවැසියන් අතරින් තෝරාගත් පිරිසකගේ තීරණ හරහාය.ඒ ක්‍රීඩාව පුරවැසියන්ගේ අයිතියක් වන අතර පුරවැසියන්ට ඒ ක්‍රීඩාව පත් කරපු අය කෑවද,හප කළ ද අදාළ නොවන බව කියා එයට තමන්ගේ උවමනා පරිදි හසුරුවන්නට යාම නොහොබිනා වැඩක්ය.අපිට තමයි බලය තියෙන්නෙ කියන උද්ධච්ඡකම මේ තීරණවලට අතුල්ලා ගත් විට පිටවෙන ගිණි පුපුරුවලින් පිච්චේන්නේ ක්‍රීඩාවය.ඔය කියන පරිපාලනය ගත් හැම තීන්දුවක්ම හරිනම් ඒ කවුන්දිලයේ සිටින නෝනාත්,වෙන නෝනලාත් එකිනෙකා විවේචනය කර ගනිමින් ඡන්දවලය මරා ගන්න,අධිකරණයට යන්න අවශ්‍යය නැත.ක්‍රීඩා පණතක් අවශ්‍යය නැත.ක්‍රමවේදයක් අවශ්‍යය නැත.සියල්ල කවුන්සිලයේ සිටන ශුද්ධවන්ත නෝනලාගේ කැමත්ත පරිදි සිදුවිය යුතුය.


ඒත් ඒක ඇත්ත නොවන බව අපි දනිමු.අප විසින් දෙන ලද අදහස නැතිනම් යෝජනාව සැළකිල්ලට ගෙන තාර්කිකව ප්‍රතික්ෂේප කිරීමට ඇති අයිතියට අපි ගරු කරමු.එවැනි කරුණු දැක්වීමකදී එකින් එක තර්ක ගෙන ඒවා පලක් නැති බවට උදාහරන දෙන්නේනම් අපි එය පිළිගෙන ඒ වෙනුවෙන් ඇගයීම් කරන්නෙමු.එතේ මේ කවුන්සිලය ශුද්ධවන්ත වන්නේ සහ උත්තරීතර වන්නේ යැයි කියන්නට කිසිම තර්කයක් මෙහි නැත.කරන හැම දේම නිවැරදිව ලෙස සමාජය පිීළිගත යුතුය සහ ඒවා විවේචනය කරන්නට අයිතියක් නැති බවත්,එසේ කිරීම බැහැර කළ යුතු බව කීම තාර්කිකව සිදු නොකීරීමත් ගැන අපට ඇත්තේ හිරිකිත හැඟීමකි.


ලෝකය ගත්තද ක්‍රීඩාව ලෝක ජනතාවට අයිති දෙයක් වන අතර පරිපාලනය පැවරෙන්නේ ලෝක ප්‍රජාව වෙනුවෙන් ක්‍රීඩාව සාධනීය ආකාරයට මෙහෙයවීමටය.මේ තත්ත්වයෙන් බැහැරව බලයෙන් අන්ධව සහ එය ඔටුන්නක් කරගෙන පමණ ඉක්මවා උද්ධච්ඡවීමට සහ ඒකාධිකාරී බලයක් පෙන්වීමට ගිය ලෝක පරිපාලනයේ ක්‍රීඩා පරිපාලකයන්ට වුව රෙදි නැතුව යන්න වූ අවස්ථා මේ ලියූ නෝනා ද අසා ඇති බව අපි දනිමු.ඒ රෙදිවල ආඩම්බරකාර,ඒකාධිපති පටි බුරුල් කර ඇත්ත එළියට ගත්තේ මාධයවලින් බව ද ඒ නෝනා දන්නවා ඇත.


ඒ නිසා අපිව විවේචනය කරන්නට,අපේ වැරදි පෙන්වා දෙන්නට ඇති අයිතියට මෙන්ම හැකියාවටද අපි ගරු කරන්නෙමු.එහෙත් ක්‍රීඩාවක කවුන්සිලයක්වත්,ක්‍රීඩාවක තනතුරක්වත් ඒ ක්‍රීඩාව වෙනුවෙන් පුරවැසියාට ඇති සමාජ අයිතිය ඉක්මවා තමන්ගේ අභිමතය පරිදි භාවිතා කළ හැකියැයි සිතීමනම් උද්ධච්ඡකම වැඩි වී එම මුග්ධකම දක්වා වැඩීමක් බව අපේ හැඟීමය.ඒ නෝනාම දන්නා පරිදි ඒ නෝනාටම අසාධාරණ ලෙස ඇමතිවරු විවේචන කරන ලද අවස්ථාවන්හී ද,ඇයගේ නිර්වද්‍යතාවය අමාත්‍ය මිත්‍රකමකට වඩා වටිනා බව කියන්න එඩිතර වීමේ හැකියාව අපට තිබිණ.පළමු කාර්යය ජනමාධ්‍යයේදී ජනතාවගේ පැත්තෙන් සිට ගැනීමය.එහි දී නෙට්බෝල් ක්‍රීඩාවේ ශ්‍රේණිගත තිරීම්වලට අදාළ තරගාවලියකදී ජගත් මට්ටමේ බිඳ වැටීමක් නොවන්නට හොඳම දේ විය යුතුය.ඒ වෙනුවෙන් ක්‍රීඩාව වෙනුවෙන් පෙනී සිටීම නෝනලාගේ උද්ධච්ඡ අයිතියට වඩා ජනතාවගේ නෙට්බෝල් වෙනුවෙන් පෙනී සිටීමක් බව ඒ නෝනාටත් සියලු නෝනලාටත් අපි සිහිපත් කරන්නෙමු.


පරිපාලනය විසින් නෙටිබෝල්මය තීරණ ගත් හැම විටම ඒවාට සාධනීය ප්‍රතිචාර දැක්වීම අපේ ස්වභාවය විය.එය ඉදිරියටත් එසේම වනු ඇත.නමුත් එය නෝනලාගේ පදේට නැටීමක් ලෙස සිතන නෝනාවරු ඇත්නම් නටන්න ඇඳගෙන ඇත්තේ ඔවුන් බවත් බෙරය අප අත ඇති බවත් සිහිපත් කරනු කැමත්තෙමු.එසේම නටන තාලයට බෙරය වැයීම අපේ භාවිතාව නොවන බවත් සිහි කරන්නෙමු.

නෝනාගේ අං මතුවීමට පාදක වූ ලිපිය…

https://sinhala.lankanewsweb.net/08/28/68102/

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan