රූට් එංගලන්තයේ බර උර මත තබා ගෙන යයි

සටහන – නිශ්මං රණසිංහ 

අගෝස්තු 29, LNW කොළඹ:ජෝ රූට් ගේ පළපුරුදු මැදිහත්වීම නිසා එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට එංගලන්තයට කඩුලු 7 ක් දැවී ලකුණු 358 ක ලකුණු පූවරුවක් හිමි කර ගන්නට හැකි විය.එහෙත් ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ බල පෑම මත එංගලන්ත මුල් පෙළට ලකුණු අතරට ඒම අසීරු කාරණයක් වූ අතර ලකුණු 216 වන විට එංගලන්ත නම ගිය පිතිකරුවෝ හය දෙනෙකුම නැවත ක්‍රීඩාගාරයට ගොස් උන්හ.

ඉතිරිව සිටි එකම විශ්වාසවන්තයා වූ ජෝ රූට්, පීඩනය මැඩ ගනිමින් එංගලන්තය තරගයට නැවත ගෙන ඒම සඳහා විශාල වෙහෙසක් දරමින් උන්නේය.මෑත කාලයේ එංගලන්තයේ ලකුණු ලබා ගැනීම තරමක් වේගවත් වුව ද,ඒ තත්ත්වයට වෙනස් මඟක යමින්,රූට් එංගලන්තය වැටී සිටින තැනින් ගොඩ එන්නට ඉවසීමෙන් කටයුතු කරනු දකින්නට ලැබිණි.එහෙත් අංක 8 පැමිණි ගස් ඇට්කින්සන් සහ රූට් හත්වන කඩුල්ල වෙනුවෙන් පැවත් වූ සබඳතාවයේ දී පහසුවෙන් ලකුණු ගලා එමින් පීඩනය ආපිට ශ්‍රී ලංකාව දෙසට හැර වූ එකක් විය.

රූට් ලකුණු 92 සබඳතාවයකට ඇට්කින්සන් සමඟ පැවත්වීමෙන් පසුව දැවී යන විට ඔහු ලකුණු 143 ක් සිය නම ඉදිරියේ රඳවා ගෙන උන්නේය.ඇටිකින්සන් වඩාත් ප්‍රවේගකාරී වෙමින් 8 වන කඩුල්ල වෙනුවෙන් ද ලකුණු 50 ක සබඳතාවයකට දායක වෙමින් මැතිව් පොට්ස් සමඟ කඩුල්ලේ රැදී දිටියි.පොට්ස් ලකුණු 20 ක් නොදැවී ලබා සිටින අතර ඇටිකින්සන් නොදැවී ලබා සිටින ලකුණු 74 ට හතරේ පහර පහක් සහ හයේ පහර 4 ක් ද ඇතුළු කර ඇත.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ වැඩි ගෞරවය අත් කර ගෙන සිටිති.අසිත ප්‍රනාන්දු,මිලාන් රත්නායක සහ ලහිරු කුමාර පිළිවෙලින් ලකුණු 84,80 සහ 75 බැඟින් ලබා දෙමින් කඩුලු 2 බැඟින් දවා ගෙන සිටිති.
තරගයේ පළමු දිනය වන විට සම්පූර්ණ ලකුණු විස්තරයට පහතින් පිවිසිය හැකිය.
https://es.pn/3Z4j1GT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 AKD, ඊටපස්සේ PKD, දැන් 2026 වෙද්දී BKD, ලබන අවුරුද්දේ MKD – සුගතානන්ද හිමි

ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණය කළේ 2024 ජනාධිපතිවරණ සමයේ...

සෘජු විදේශ ආයෝජන අඩු වෙමින් පැවතීම රටට අහිතකර ලෙස බලපෑම් රැසක් එල්ල කරාවි – විපක්ෂ නායක සජිත්

බංකොළොත්භාවයෙන් ගොඩ එන අප රටේ ඉහළ ආර්ථික වර්ධන වේගයක්...

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...