රූට් එංගලන්තයේ බර උර මත තබා ගෙන යයි

Date:

සටහන – නිශ්මං රණසිංහ 

අගෝස්තු 29, LNW කොළඹ:ජෝ රූට් ගේ පළපුරුදු මැදිහත්වීම නිසා එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට එංගලන්තයට කඩුලු 7 ක් දැවී ලකුණු 358 ක ලකුණු පූවරුවක් හිමි කර ගන්නට හැකි විය.එහෙත් ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ බල පෑම මත එංගලන්ත මුල් පෙළට ලකුණු අතරට ඒම අසීරු කාරණයක් වූ අතර ලකුණු 216 වන විට එංගලන්ත නම ගිය පිතිකරුවෝ හය දෙනෙකුම නැවත ක්‍රීඩාගාරයට ගොස් උන්හ.

ඉතිරිව සිටි එකම විශ්වාසවන්තයා වූ ජෝ රූට්, පීඩනය මැඩ ගනිමින් එංගලන්තය තරගයට නැවත ගෙන ඒම සඳහා විශාල වෙහෙසක් දරමින් උන්නේය.මෑත කාලයේ එංගලන්තයේ ලකුණු ලබා ගැනීම තරමක් වේගවත් වුව ද,ඒ තත්ත්වයට වෙනස් මඟක යමින්,රූට් එංගලන්තය වැටී සිටින තැනින් ගොඩ එන්නට ඉවසීමෙන් කටයුතු කරනු දකින්නට ලැබිණි.එහෙත් අංක 8 පැමිණි ගස් ඇට්කින්සන් සහ රූට් හත්වන කඩුල්ල වෙනුවෙන් පැවත් වූ සබඳතාවයේ දී පහසුවෙන් ලකුණු ගලා එමින් පීඩනය ආපිට ශ්‍රී ලංකාව දෙසට හැර වූ එකක් විය.

රූට් ලකුණු 92 සබඳතාවයකට ඇට්කින්සන් සමඟ පැවත්වීමෙන් පසුව දැවී යන විට ඔහු ලකුණු 143 ක් සිය නම ඉදිරියේ රඳවා ගෙන උන්නේය.ඇටිකින්සන් වඩාත් ප්‍රවේගකාරී වෙමින් 8 වන කඩුල්ල වෙනුවෙන් ද ලකුණු 50 ක සබඳතාවයකට දායක වෙමින් මැතිව් පොට්ස් සමඟ කඩුල්ලේ රැදී දිටියි.පොට්ස් ලකුණු 20 ක් නොදැවී ලබා සිටින අතර ඇටිකින්සන් නොදැවී ලබා සිටින ලකුණු 74 ට හතරේ පහර පහක් සහ හයේ පහර 4 ක් ද ඇතුළු කර ඇත.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ වැඩි ගෞරවය අත් කර ගෙන සිටිති.අසිත ප්‍රනාන්දු,මිලාන් රත්නායක සහ ලහිරු කුමාර පිළිවෙලින් ලකුණු 84,80 සහ 75 බැඟින් ලබා දෙමින් කඩුලු 2 බැඟින් දවා ගෙන සිටිති.
තරගයේ පළමු දිනය වන විට සම්පූර්ණ ලකුණු විස්තරයට පහතින් පිවිසිය හැකිය.
https://es.pn/3Z4j1GT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු කරන...

දිගු කළකට පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 310 සීමාව ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : අද (07) දිනයේ...

ඉන්දියාවේ පළමු AI සායනය: සත්‍ය ලෙස මෙය කුමක්ද? එය රෝගී සත්කාර වැඩිදියුණු කරන්නේ කෙසේද?

රෂිකා හෙන්නායක ජනවාරි 07 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ පළමු...