ලෝක සත්ව දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04:
ලෝක සත්ව දිනය අද (04) දිනට යෙදී තිබේ.

මෙවර එහි තේමාව වී ඇත්තේ “See the World Through Their Eyes” හෙවත් “ඔවුන්ගේ ඇස්වලින් ලෝකය දකිමු” යන්නයි.

සෑම වසරකම ඔක්තෝබර් 4 වැනිදා ලෝක සත්ව දිනය ලෙස සැමරෙන්නේ ලොව පුරා සතුන්ගේ සුබසාධනය, ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳ ජනතාවගේ අවධානය යොමු කිරීමේ අරමුණෙනි.

මෙවර තේමාව මගින් අවධාරණය කරන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා පමණක් නොව, මිනිසා සමඟ මෙම පෘථිවිය බෙදාගන්නා සතුන්ගේ දෘෂ්ටිකෝණයෙන්ද ලෝකය දෙස බැලීමේ වැදගත්කමයි.

දේශගුණික විපර්යාස, වාසස්ථාන විනාශය සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සතුන්ට මුහුණදීමට සිදුවන බලපෑම් පිළිබඳවද මෙවර ලෝක සත්ව දිනයේදී වැඩි අවධානයක් යොමු වී තිබේ.

ජෛව විවිධත්වයෙන් පොහොසත් ශ්‍රී ලංකාවට සත්ව සංරක්ෂණය විශේෂ වැදගත්කමක් ගනී.

ලෝක සත්ව දිනයට සමගාමීව ලොව පළමු World Congress on Snakes 2026 සමුළුව ඔක්තෝබර් 1 වැනිදා මහනුවරදී ආරම්භ වූ අතර එය අද (4) අවසන් වීමට නියමිතය. ලොව පුරා සර්ප විශේෂඥයන් සහ පර්යේෂකයන් එක්වූ මෙම සමුළුවේදී ජෛව විවිධත්වය, සර්ප සංරක්ෂණය, වෛද්‍ය විද්‍යාව සහ මිනිසා හා සර්පයන් අතර සම්බන්ධතාව ඇතුළු කරුණු රැසක් සාකච්ඡා කර තිබේ.

ලෝක සත්ව දිනය එක් දිනකට පමණක් සීමා වූ සැමරුමක් නොවන බව සත්ව සුබසාධන සංවිධාන පෙන්වා දෙයි.

සතුන්ට හිංසා නොකිරීම, සුරතල් සතුන් නිසි ලෙස රැකබලා ගැනීම, අතහැර දැමූ සතුන්ට උපකාර කිරීම, වන සතුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම සහ වගකීමෙන් යුතුව වනජීවී සංචාරවල නිරත වීම වැනි සරල ක්‍රියාමාර්ග තුළින්ද සත්ව සුබසාධනයට දායක විය හැකිය.

මේ පෘථිවිය මිනිසුන්ට පමණක් අයිති එකක් නොවේ. එය අප සමඟ ජීවත්වන සියලුම සතුන්ගේද නිවසකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...