සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන්ට පිළිගන්වයි (PHOTOS)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (29) දිනයේදී මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන්ට පිළිගන්වනු ලැබිණි.

සජිත් ප්‍රේමදාස මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව මෙසේ මහානායක හිමිවරුන් බැහැදැක සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එහිමිවරුන්ට ඉදිරිපත් කර ආශිර්වාද ලබාගත්තේය.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

“සැමට ජයක්” යනුවෙන් නම් කර ඇති මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රධාන මාතෘකා 5ක් යටතේ පෙළගස්වා තිබේ.

ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම
සෑම පුරවැසියෙකුම බලගැන්වීම
රාජ්‍ය සේවය නංවාලීම
ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම
රාජ්‍ය ආරක්ෂාව

මේ යටතේ බදු ප්‍රතිසංස්කරණ, රාජ්‍ය සේවය ප්‍රතිසංවිධානය කිරීම හා වැටුප් වැඩිකිරීම, රාජ්‍ය අංශය ඩිජිටල්කරණය, සෑම පාසලක්ම සුහුරු පාසලක් බවට පත්කිරීම, දූෂණ විරෝධී නීති ශක්තිමත් කිරීම, පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන්ට දඬුවම් ලබාදීම, මත් උවදුර මැඬපැවැත්වීම ඇතුළු කරුණු ගණනාවක් විස්තර සහිතව ඉදිරිපත් කර ඇත.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සැප්තැම්බර් 04 වනදා මහජනතාව වෙත සහ ව්‍යාපාරික ප්‍රජාව වෙත නිල වශයෙන් නිකුත් කිරීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...