අවුරුදු 38 සිතුම් පැතුම් රාජ්‍ය පාලනයට ගළපන්න නාමල්ට ජන්දේ දෙන්න – තිස්සකුට්ටිආරච්චි ජනතාවගෙන් ඉල්ලයි

Date:

කොළඹ LNW:නව තාක්ෂණය සමඟින් අවුරුදු 38 සිතුම් පැතුම් රාජ්‍ය පාලනයට එකතු කරන්න නම් බය නැතුව නාමල් රාජපක්ෂට ජන්දය දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඒ,ඊයේ (29) හොරණදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළිය අමතමිනි.

”තාත්තා රට පාලනය කරපු අත්දැකීම් තියෙන්නේ නාමල් රාජපක්ෂට. යුද්දේ නැති කරපු තාත්තගේ අත්දැකීම් ටික තියෙන්නේ නාමල් රාජපක්ෂට. ඒ කාලේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අත්දැකීම් ටික තියෙන්නේ නාමල් රාජපක්ෂට. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට වැරදුන තැන්වල අත්දැකීම් තියෙන්නෙත් නාමල් රාජපක්ෂට. ඉතිහාසයේ පළමු වතාවට තමයි මාතෘ භූමියට ආදරය කරපු තාත්තගේ පුතා,රට එක්සේසත් අක්රපු තාත්තගේ පුතා අවුරුදු 38ක තාක්ෂණ විප්ලවයත් සමඟ එන තාත්තගේ පුතා. ඒ නිසයි අපි කියන්නේ අපිට විශ්වාසයක් තියෙනවා. නාමල් රාජපක්ෂ දැන් දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. මටත් දරුවෝ දෙන්නයි.එයාටත් දරුවෝ දෙන්නයි. සමහරු කියනවා එයා තාම පොඩියි කියල. එයාට තව කල් තියෙනවා කියල. මම දැක්කා රත්තරං, රෝහිත ඇමතිතුමා කියනවා අපි හිතුවේ නෑ නාමල් මල්ලි එයි කියල. නාමල් මල්ලිට තව කල් තියෙනවා. නාමල් මල්ලිට කල් තියෙනවා කියන අය බැලුවේ දැන් තමන්ට අවුරුදු 60යි 65යි. තව පහක් බැරිවෙලාවත් නාමල එක්ක ගිහින් විපක්ෂයේ ඉදගන්න වුණොත් 65 මට 70යි. මම වලකජ්ජ ගහන්න කලින් ඇමති කට්ටක් හෝ රජ්‍ය ඇමති කට්ටක් ගන්න පුලුවන්ද කියල තමයි ඔය රනිල්ගේ ගොඩට සජිත්ගේ ගොඩට සිහින බලාපොරොත්තුවෙන් ගියේ. එහෙම නැතුව නාමල්ට කල් තියෙනවා කියන්නේ වෙන දෙකට නෙවෙයි. රෝහිතලට පියල්ලට කල් තිබුණට මේ රාජ්‍ය පාලනය කරන්න නාමල්ට දෙන්න තිස්ස කුට්ටිආරච්චිලට,සංජීව එදිරිමාන්නලට,ලලිත් වර්ණකුලලට සහ රටට ආදරය කරන අම්මල තාත්තලට තව කල් නෑ. ඒ නිසයි නාමල් රාජපක්ෂව ඉල්ලන්නේ. බය නැතුව අලුත් තාක්ෂණයත් එක්ක මේ රට ගෙනියන්න අවුරුදු 38ක් සිතුම් පැතුම් රාජ්‍ය පාලනයට ගළපන්න නාමල් රාජපක්ෂට බය නැතුව ජන්දේ දෙනවා සේම මේ පණිවිඩය ගමක් ගමක් පාසා ගෙනියාමේ වගකීමත් ඔබ අතට ගන්න.” යනුවෙන් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රියැලිටි කලාවේ නව මුහුණු කිහිපයක් එන්නට හෝරා කිහිපයකට මත්තෙන්!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : රියැලිටි සංගීත කලාවේ තවත් චමත්කාර ජනක හෝරා දෙකක් නැරඹීමේ අවස්ථාවක් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට උදාවෙයි. ඒ, මේ මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 7.30ට දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වනදෙරණ ඩ්‍රීම් ස්ටාර් අදියර 12 අභිෂේක මංගල්‍ය නිසාය. මෙවර ඩ්‍රීම් ස්ටාර්කිරුල සඳහා යොවුන් ගායකයන් දෙදෙනෙකුත්, යොවුන් ගායිකාවකු...

නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

කඳුකර දෙමළ ජනතාව යළි යළිත් සිය අයිතිවාසිකම් ඉල්ලයි.පොංගල් ද කොළඹට! (PHOTOS)

කොළඹ LNW:සුභ තෛපොංගල් උත්සවය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ මලයියාහ...

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...