ෂැන්ෂාන් චන්ඩමාරුතයෙන් ජපානය සෙලවෙයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 30 , කොළඹ (LNW):

ජපානයට බලපා ඇති ෂැන්ෂාන් චන්ඩමාරුතය හේතුවෙන් මිලියන පහකට අධික සංඛ්‍යාවකට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන්ට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසයි ජපාන රජය දැනුම් දී ඇත්තේ. චන්ඩමාරුතය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් හතරදෙනෙකු මිය ගොස් තවත් 90කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව වාර්තා වේඑ.

දශක කිහිපයකට පසු ජපානයට බලපෑ දරුණුතම චන්ඩමාරුතයක් ලෙස මෙය හැදින්වේ.නිවාස දහස් ගණනකට විදුලි බලය ද ඇණහිට ඇති බව සඳහන් වේ.ඊයේ උදෑසන 8ට පමණ කියුෂු දූපතෙන් චන්ඩමාරුතය ජපානයට ඇතුලු වු අතර පස්වන මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට කාලගුණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

පැයට කිලෝ මීටර 252ක වේගයෙන් සුළි කුණාටුව හමා යමින් පවතින බවයි වාර්තා වන අතර, ඊයේ දිනයේ දී චන්ඩමාරුතය හේතුවෙන් මිලි මීටර 600කට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව ද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාන්ට්ගේ අවධානය මකා මතු වූ රූට්ගේ අභිමානය

නිශ්මං රණසිංහ ජූලි 27, කොළඹ LNW: වර්තමානයේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ...

ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ගැන IMF වෙතින් පැසසුම්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව...

සතෙකු වුවත් ඇයත් මවක්: හීනුගල රක්ෂිතයේ මුවදෙනකු ඝාතනයේ සුලමුල …

රෂිකා හෙන්නායක ජූලි 27කොළඹ LNW : හීනුගල රක්ෂිතයේ මුවදෙනකු...

ඩඩ්ලි සේනානායක සහ ඩඩ්ලි සිරිසේන

උපාලි කොළඹගේ කොළඹ LNW:මෙතෙක් සාමාන්‍ය ජනතාව අතර පිළිගැනීම වූයේ අභාවප්‍රාප්ත...