ග්‍රීක ඉන්ධන ප්‍රවාහන නෞකාව හූති කැරළිකරුවන් පුපුරවා හරී!

රෂිකා හෙන්නායක අගෝස්තු 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රතු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී ප්‍රහාරයට ලක්වූ ග්‍රීක ඉන්ධන ප්‍රවාහන නෞකාව පුපුරවා හැරීමට හූති කැරළිකරුවන් කටයුතු කර තිබේ.

ඒ වනවිට එම යාත්‍රාවේ ඉන්ධන බැරල් මිලියනයක් පමණ ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර හූති කැරළිකරුවන් විසින් එම යාත්‍රාවට අගෝස්තු 21 වනදා පළමුවෙන් ප්‍රහාරයක් එල්ල කළ අතර පසුව එහි කාර්ය මණ්ඩලය නෞකාවෙන් ඉවත් විය.  හූති කැරළිකරුවන් නිකුත්කළ වීඩියෝවක දැක්වෙන්නේ එම නෞකාවට පුපුරණ ද්‍රව්‍ය අටවා දුරස්ථ පාලකයක් ක්‍රියාත්මක කර නෞකාව පුපුරුවා හරින ආකාරය යි.

මේ අතර යේමනයේ හුති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලයට තර්ජනාත්මක අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව සඳහන් ය.ඒ තම සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව සන්නද්ධ මෙහෙයුමක් දියත් කිරීමට සුදානම් වන බව පවසමිනි.යේමනයේ හූති කැරලිකරුවන්ගේ නායකයා විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල් සතුරාට එරෙහි ප්‍රතිචාරයක් සඳහා අපගේ සූදානම දිගටම සිදුකරමින් සිටින බවත් සතුරා පුදුමයට පත් කිරීමට සුදානම් බවත් හුති නායක අබ්දෙල්-මලෙක් අල්-හූති පවසා ඇත.පසුගිය සතියේදී ඊශ්‍රායලයට හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ද හුති නායකයා සතුට පළකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන...

ශෂීන්ද්‍රට එරෙහි දූෂණ නඩුව: ඔක්තෝබර් 08 මූලික විරෝධතා පිළිබඳ නියෝගය! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : හිටපු රාජ්‍ය අමාත්‍ය...

රුමේෂ් යළිත් ඉතිහාස ගතවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ මලල...

යේමන හමුදාවෙන් හූති ඉලක්ක වෙත පැය 72කදී එල්ල කළ ප්‍රහාර 756 හේතුවෙන් මියගිය හෝ තුවාල ලබූ සංඛ්‍යාව 2316 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: යේමනයේ ජාත්‍යන්තරව පිළිගත්...