චීන ජනපති සහ ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක අතර හමුවක්

Date:

කොළඹ LNW: චීන ජනාධිපති ෂී ජින්පිං සහ ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක Jake Sullivan අතර හමුවක් ඊයේ (29) බෙයිජිං හි මහජන මහා ශාලාවේදී සිදු වූ බව චීන මාධ්‍ය සමූහය වාර්තා කරනවා.

සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වය හමුවේ විවිධ රටවලට අවශ්‍ය වන්නේ සමගිය හා සහයෝගිතාව මිස, බෙදීම හෝ එදිරිවාදිකම් නොවන බව චීන ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා. ජනතාව අපේක්ෂා කරන්නේ විවෘතභාවය සහ සංවර්ධනය මිස, සංවෘතභාවය හෝ පසුබැසීම නොවන බව ද ඔහු එහිදී ප්‍රකාශ කළ බව සඳහන්.

ඇමරිකාව චීනය එකිනෙකාගේ සංවර්ධනය සැලකිය යුත්තේ තමන් සතු අවස්ථාවක් ලෙස මිස, අභියෝගයක් ලෙස නොවන අටහ්ර දැවැන්ත රටවල සබඳතා පිළිබඳ නිවැරදි මාර්ගයක් ගවේෂණය කිරීමට ඇමරිකාව චීනය සමග එක්ව ප්‍රයත්න දරනු ඇතැයි අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා එහිදී කියාතිබෙනවා.

නව සීතල යුද්ධයක් දියත් කිරීම, චීනයේ දේශපාලන ක්‍රමවේදය වෙනස් කිරීම හෝ සන්ධාන සම්බන්ධතා ශක්තිමත් කිරීම මගින් චීන විරෝධී ප්‍රයත්න හඹා නොයන බව Jake Sullivan මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා. එකම චීනය මූලධර්මය අනුගමනය කරන ඇමරිකාව, තායිවාන ප්‍රශ්නය මගින් චීනය මර්දනය කිරීමට උත්සාහ නොකරන බවයි එහිදී සඳහන් කර ඇත්තේ.

නුදුරු දිනක දී ෂී ජින්පිං ජනාධිපතිවරයා සමග යළි අදහස් හුවමාරු කර ගැනීම ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව ද Jake Sullivan එහිදී සඳහන් කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...

මා වැඩ කළේ අමාත්‍යාංශ ලේකම්ගේ උපදෙස් අනුවයි – වරද පිළිගත් ආගමන විගමන පාලක අධිකරණයේදී කළ ප්‍රකාශය

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය සමාගම් දෙකකට ලබාදීම...

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...