රාජ්‍ය සේවයට හා රාජ්‍ය සේවකයාට අනුරගෙන් නව බලාපොරොත්තුවක්!

Date:

කොළඹ LNW:රටේ සමස්ථ දේහයම පරිවර්තනයකට ලක්කළ යුතු වන අතර ඒ වෙනුවෙන් දේශපාලන නායකත්වය දීමට සූදානම් හෙයින් ඔබ ඔබේ කොටස ඉටු කරනු ඇතැයි යන විශ්වාසයෙන් ඊට ප්‍රවේශ වී සිටින ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති ධූර අපේක්ෂක අනුර දිසානායක මහතා පැවසුවේය.

අනුර දිසානායක මහතා මේ බව පැවසුවේ අද (30) කොළඹ විහාර මහා දේවි උද්‍යාන පරිශ්‍රයේ පැවති දසංවර්ධන නිලධාරී හා ආශ්‍රිත සේවා නිලධාරීන්ගේ ජාතික සමුලුව අමතමිනි.

ආර්ථික දේහය සැමට සමාන කළ යුතු අතර නීති පද්ධතිය, දේහය, අධ්‍යාපනය යනාදිය සදහා නව පරිවර්තනයක් අවශ්‍ය බවයි දිසානායක මහතා එහිදී කියාසිටියේ.

”සමස්ත දේහයම පරිවර්තන කිරීමයි අපේ වගකීම.මෙය වෙනස් කිරීමේ කාර්යභාරය තමයි අපිට තියෙන්නේ. මේ සදහා අවශ්‍ය දේශපාලන නායකත්වය අපි ලබාදෙනවා. ඔබේ කොටස ඔබ නිවැරදිව ඉටුකරාවි කියන විශ්වාසය මතයි අපි මේකට ආවේ. රාජ්‍ය සේවය නැතිව ගමනක් යන්න බෑ. පුරුද්දට යන රාජ්‍ය සේවකයෙක් වෙනුවට නිරන්තරයෙන් අලුත් වෙන්න ඕන. රාජ්‍ය සේවය පිළිබද ජනතාවට තියෙන්නේ අසතුටක්. ජනතාව රාජ්‍ය සේවය පිළිබද තෘප්තිමත් නෑ.ඒ වගේම රාජ්‍ය සේවකයත් තෘප්තිමත් නෑ. මුලින්ම රාජ්‍ය සේවකයා තෘප්තිමත් වෙන තැනක් බවට පත්කරනවා. රු.25000කින් වැටුප වැඩිකරන්න බිලියන 460ක් යනවා. එයාලා හිතනවා 25000ක් දෙනවා කිව්වාම කතිරේ ගහවි කියලා. මේ පාර ඒක එහෙම වෙන්නේ නැහැ.” යනුවෙන් දිසානායක මහතා තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...

දකුණු චීන මුහුදේ Devon Bay භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පෙරළී යයි!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු චීන...