බන්ධනාගාරයෙන් ඇසෙන කතා….

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 30 කොළඹ lNW :


රක්‍ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බන්ධනාගාරයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ තමන්ට නිවසින් රැගෙන එන ආහාර ලබා ගැනීමට අවසර දෙන්නැයි ඉල්ලමිණි.

ඊයේ පස්වරුවේ ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ඒමෙන් අනතුරුව එම ඉල්ලීම කර ඇති බව බන්ධනාගාර ආරංචි පවසයි .

එම බන්ධනාගාරය වෙත ඔහු රැගෙන ඒමෙන් පසු බන්ධනාගාර වෛද්‍යවරයෙකු විසින් පරික්‍ෂා කර තිබෙන අතර, එහිදී අනාවරණ වී ඇත්තේ ඔහු රෝහල්ගත කිරීමට තරම් රෝගී තත්ත්වයක් නොමැති බවයි.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ‘එන්’ වාට්ටුවේ රඳවා තිබෙන බව වාර්තා වේ.ඔහු සමග එම වාට්ටුවේ තවත් රැඳවියන් 14 දෙනෙකු පමණ රඳවා සිටින බව බන්ධනාගාර ආරංචි පවසයි.

තවද, යළි රක්‍ෂිත බන්ධනාගාරගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාද රඳවා සිටින්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේයි.

‘එම් ටූ’ වාට්ටුවේ තවත් රැඳවියන් 10 දෙනෙකුද සමග ඔහු රඳවා සිටින බව බන්ධනාගාර ආරංචි පැවසුවේය.

රක්‍ෂිත බන්ධනාගාරගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කොළඹ මැගසින් බන්ධනාගාරයේ ජී වාට්ටුවේ රඳවා සිටින බව වාර්තා වේ.

එම වාට්ටුවේ තවත් රැඳවියන් 50 දෙනෙකු පමණ රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ආරක්‍ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් තවත් රැඳවියන් කිහිපදෙනෙකු සමග එම වාට්ටුවේ වෙනම සිර මැදිරියක රඳවා තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුදුමාකාර විදියට දුක්වීම ….

දඹානට ගිය ගමනෙදීආදි වාසීන් දැකලාආදි මදි යැයි කියානන්දනී වරුසවිතාන...

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...