වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW:

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය ජනවාරි 23 දින හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී (National Convention Center – Hanoi) අති සාර්ථක ලෙස පැවැත්විණි. අගමැති ෆම් මින් චින් (Pham Minh Chinh) මෙම සමුළුවේ මුලසුන දැරීය.

මෙහිදී වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයට සභිකයින් 19 දෙනෙකු තේරී පත් වූ අතර පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් තනතුරට ටෝ ලැම් (To Lam) සහෝදරයා නැවතත් නිතරඟයෙන් තේරී පත්වී තිබේ.

මෙම සමුළුවට ආරාධිතයින් ලෙස පක්ෂයේ හිටපු නායකයින්, වියට්නාම් පියවරුන්ගේ පෙරමුණේ හිටපු නායකයින්, වියට්නාම් වීර මාතාවන්ගේ නියෝජිතයින්, පක්ෂ මධ්‍යමකාරක සභාවේ හිටපු නායකයින්, විද්වතුන්, කලාකරුවන්, ආගමික නායකයින්, තරුණ සංවිධාන නායකයින්, තානාපතිවරුන්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින්, විදේශ රටවල ආරාධිත අමුත්තන් ඇතුළු පිරිසක් සහභාගි විය.

මෙම සමුළුවට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 58ක්, ජාත්‍යන්තර සහ කලාපීය සංවිධාන 11ක්, පුද්ගලයින් 62ක්, විදේශීය සහ දේශීය සංවිධාන 120ක් සහ විදේශීය වියට්නාම සංගම් 88ක් ඇතුළුව සුබ පැතුම් පණිවිඩ 339ක් ලැබී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...