හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට CIDයෙන් කැඳවීමක්

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ලබන සඳුදා (සැප්තැම්බර් 01) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ඒ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරය පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ය. මීට පෙර ද මෙම සිද්ධියට අදාළව සමන් ඒකනායක මහතාගෙන් CIDය ප්‍රශ්න කර තිබිණි.

ජනාධිපති ධුරය දරණ සමයේදී සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා රජයේ මුදලින් ලන්ඩනයේ සංචාරයක නිරත වූ බවට රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වී ඇති චෝදනාවට අදාළව වික්‍රමසිංහ මහතාව පසුගියදා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර පසුව ඇප මත මුදාහරින ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...