*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

හොඳට කරොත් අතුරු කමිටුද?

ක්‍රීඩා පරිපාලනය පැත්තෙන් යහපත් තීරණ ගෙන නිවැරදි මඟ පෙන්විමක් කළොත් එම පරිපාලනයට අතුරු කමිටුවක් පත් කිරීම අලුත් වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ තීරණයද යන්න මේ මොහොතේ ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ දෙනෙක් අවධානයෙන් සිටින කාරණයකි.ක්‍රිඩා කේෂ්ත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙක් ඊයේ සිට ක්‍රීඩා අමාත්‍යංශය පැත්තෙන් වාර්තාවන රගර් අතුරු කමිටුවක් පත් කිරීමේ සූදානම නිසා,ක්‍රීඩා අමාත්‍යවරයා දෙසට මේ අවධානය යොමු වී ඇත.

එම අතුරු කමිටුවට ශ්‍රී ලංකා රගර් ජාත්‍යන්තර වශයෙන් වඩාත්ම අපකීර්තියට පත් කළ තීරණය වන විදෙස් ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර වූ, රගර් පරිපාලනයට සම්බන්ධව සිටි පුද්ගලයන් ගෙන ඒමට උත්සාහ කරන බවත්,ඔවුන්ගේ උපදෙස් අනුව රගර් මෙහෙයවීමට අමාත්‍යවරයාව මෙහෙයවන බවත් ඊයේ ක්‍රීඩා අමාත්‍යංශය පැත්තෙන් ලැබුණු ආරංචිවලින් දැන ගන්නට ලැබිණ.මේ වන විටත් වසරකට විශාල මුදලක් ශ්‍රී ලංකා රගර් එම සිඳුවීම වෙනුවෙන් දඩ මුදල් වශයෙන් ජාත්‍යන්තර සම්මේලනයට ගෙවමින් සිටියි.
අමාත්‍යවරයා ක්‍රීඩකයින් මහමඟ රස්තියාදු කළ ක්‍රීඩා පරිපාලන සම්බන්ධයෙන් හෝ ඒ තත්ත්වයට වගකිව යුතු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියා කරන බවට යම් යම් ප්‍රකාශ කළත්,ඒ සම්බන්ධයෙන් කිසිවක් සිඳු කරන්නට නොහැකි අන්දමට අමාත්‍යවරයා බැඳ දමා ඇති බව පැහැදිළි වන අතර ඒ වෙනුවට එම බැදීමේ උවමනාවට පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සැළසුමක් සහිතව සිය කණ්ඩායම සකස් කර ඉතිහාසයේ හොඳම දක්ෂතාවය පෙන්වීමට මාර්ගය සකස් කළ රගර් පරිපාලනයට අංචි ඇදීම ක්‍රීඩා අමාත්‍යවරයාට මඟ හරින්නට බැරි තත්ත්වයක් වි ඇති බව දැන ගන්නට ඇත.

රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයාට අමාත්‍ය ධූරය භාර ගන්නට සිදු වූයේම හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් බහුතරයක් සමඟය.එතැන් සිට සමහර විට අලුත් අමාත්‍යවරයා හමුවන්නට එන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම නිලධාරීන් සැළසුම් සහගතව හිටපු අමාත්‍යවරයා බැහැ දකින්නට යොමු කිරීම ද,පසුගිය කාලයේ වාර්තා වූ අතර වර්ථමාන අමාත්‍යවරයාට තම ආත්ම ගෞරවය පසෙකලා තමන්ගේ දේශපාලනය වෙනුවෙන් ඒ සියල්ල විද දරා ගන්නට සිඳු වී ඇත.ඇතැම් අවස්ථාවල වර්ථමාන අමාත්‍යවරයා කරන ප්‍රකාශ ක්‍රීඩාව පවතින සමාජ තත්ත්වය සමඟ එය යහපත් අතට හැරවීම සඳහා වැදගත් වුවත්,ඒවා ක්‍රියාකාරීව මෙහෙයවීමට ඔහුට අවස්ථාවක් නැති කර අසරණ කර තිබෙන බව ක්‍රීඩා කේෂ්ත්‍රයේ බොහෝ දෙනෙක්ගේ අදහස වී ඇත.
ඒ අනුව රගර් පරිපාලනය වෙනස් කිරීමට ද අමාත්‍යවරයාට දැඩි බලපෑමක් එල්ල වි ඇති අතර හිටපු අමාත්‍යවරයා විසින් කරන ලද තහනම අධිකරණයෙන් තාවකාලිකව ඉවත් කරගෙන වෙහෙසී පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය වෙනුවෙන් කැප වී ක්‍රියා කර ලබා ගත් කීර්තියෙන් පසුව එම පරිපාලනය අගය කිරීම වෙනුවට මේ ආකාරයට කටයුතු කිරීම ක්‍රීඩා අමාත්‍යවරයෙක්ට යුතු නොවේය.අප මිට පෙරත් පෙන්වා දුන්නේ පදක්කම් මතම නොරැඳෙමින්,සාධනීය වෙනස්කම් සහිත ප්‍රවර්ධනයන් දකින අවස්ථා අගය කිරීම වැදගත් බවය.ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා රගර් කණ්ඩායම සහ එහි නිලධාරීන් ද,නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබූ මීටර් 800 සූරිය ගයන්තිකා අබේරත්න වැනි ක්‍රීඩිකාවන්ටද මුණ ගැසී ප්‍රශංසාවක් හෝ කරනු ඇතැයි අප බලාපොරොත්තු වුව ද,අමාත්‍යවරයාට එවැනි ඉඩක් නැති බව හිටපු අමාත්‍යවරයාගේ රගර් විරෝධය අඛණ්ඩව රැඟෙන යාමට දරන උත්සාහයෙන් පැහැදිළිය.

අමාත්‍යවරයා ඉදිරි දැක්මක් සහ සැළසුමක් සහිතව අලුත් පියවර කිහිපයක් තැබීමේ උවමනාව සහිතව සිටින බව පෙණුනත්,ඒවාට ස්විය පක්ෂ දේශපාලන න්‍යාය පත්‍රයෙන් හරස් කැපිම් සිඳුවන බව හැඟෙන්නේ ඒවා වචනවලට සිමා වි ක්‍රියාකාරකම් බවට පත් නොවන නිසාය.උදාහරණයකට ඔහු පත් කළ ජාතික ක්‍රීඩා සභාවේ හිටපු අමාත්‍යවරයාගේ ආයතන සම්බන්ධ නඩු වෙනුවෙන් අධිකරණයට සැක පිට යොමු වූ චරිත ද,රගර් පරිපාලනයේ අපකීර්තිමත්ම සිඳුවීම සිඳුවන සමයේ එම පරිපාලනයේ ඉහළ තනතුරක් දැරූ සහ ක්‍රීඩාවට සම්බන්ධ ව්‍යාපාර කරන අයෙක් ද සිටින බව අප මිට පෙර ද හෙළිදරව් කළේය.”චක්‍රලේඛය මම” කියූ ජනාධිපතිවරයෙක් බවට ගෝටාබය රාජපක්ෂ පත් වන්නේම හුදෙකලා මතයකින් නොවන අතර ඒ රාජපක්ෂ චින්තනය තුළ ක්‍රියාත්මක වෙන අධිපතිවාදි ස්වරූපය විසින් ගෝටාබයව පත් කළ තැනය.එහි ප්‍රායෝගික උදාහරණයක් විදිහට නෙත්මි අහිංසාගේ පදක්කම නිල ක්‍රීඩා අමාත්‍යවරයාට පෙර හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාට දැකීමට හැකි ලෙස සැළසුම් කිරිම දැක්විය හැකිය.”අපට පස්සෙ අනිත් අයට සහ අපිට ඕනෑ විදිහට හැමදේම” යන චින්තනය විසින් රොෂාන් රණසිංහව පමණක් නොව ක්‍රීඩාව ද පස්සට අඳිමින් තිබෙන අතර ඔහුට ක්‍රීඩා අමාත්‍යවරයෙක් ලෙස කීර්තිමත් චරිතයක් වීම වැළක්වීම ඒ හරහා සිඳු කරමින් ඇත.

ඒ නිසා නොගැලපෙන සහ ක්‍රීඩාවට අපකීර්තිය ගෙන ඒමට දායක වූ චරිත සඳහා තව දුරටත් වගකීම් දෙන්නටත්,යහපත් ප්‍රතිපල පෙන් වූ පාලකයන් පන්නා දමන්නටත් කටයුතු කරපු පුද්ගලයෙක් හැටියට රොෂාන් රණසිංහගේ ක්‍රීඩා අමාත්‍ය ධූර කාලය ඉතිහාසයට එක් කර ඔහුට අත්වන්නට නියමිත දේශපාලන කීර්තිය වළකාලීමත් ක්‍රීඩාව සම්බන්ධ තීරණ ගැනීම හරහාම දේශපාලන උවමනාවක් විදිහටත් සිඳුවෙමින් තිබෙන බව දැක ගන්නට හැකිය.
එක් දෙයක් පැහැදිළිය.අප යකා සේ දකින්නේ ක්‍රීඩා අමාත්‍යවරයා නොවේය.ඔහු අන්දවා ඇති රූකඩය ය.ගැටළුව ක්‍රීඩාවේ තමන්ගේ ස්වාධින හැසිරිම ගැන තිරණයක් ගන්නට ඔහුට ඇති දේශපාලන සහ පුද්ගල පෞරුෂය කොයි ආකාරයක් විය යුතුද යන්න ක්‍රීඩා අමාත්‍යවරයාට ඇති ශක්තිය ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan