රෂිකා හෙන්නායක අගෝස්තු 30 , කොළඹ LNW :
නේපාලයේ සිදු වූ දරුණු ගංවතුර ආපදාවෙන් විපතට පත් වූවන්ට සහනයක් වීම සඳහා ශ්රී ලංකා රජය මැදිහත් වී ඇති අතර ඒ අනුව, එරට සහන සේවා කටයුතු වෙනුවෙන් සහාය වීමට ආරක්ෂක අංශ සාමාජිකයින්ගෙන් සමන්විත කණ්ඩායම් ඉදිරි දින කිහිපය තුළ පිටත් කර යැවීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයා සඳහන් කරයි.
මානුෂීය ආධාරයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියනයක මූල්ය පරිත්යාගයක් ලබා දීමට ද රජය මූලික කටයුතු සූදානම් කර ඇත. කලාපීය සහයෝගීතාවය අරමුණු කරගනිමින්, එරට පවතින අවශ්යතාවන්ට අනුකූලව යොමු කළ යුතු විශේෂ සහන කණ්ඩායම් පිළිබඳව මේ වන විටත් අවසන් තීරණ ගනිමින් පවතී.
ජනාධිපතිවරයා ඇතුළු රජය මෙම දුෂ්කර අවස්ථාවේදී නේපාලය කෙරෙහි සිය කණගාටුව සහ සංවේදීතාව පළ කර ඇති බව මෙහි වැඩිදුරටත් අවධාරණය කෙරේ.
මෙම පියවර හරහා අසල්වැසි රටක් මුහුණ දුන් ව්යසනයකදී ශ්රී ලංකාවේ ඇති මිත්රශීලී සහයෝගය මැනවින් පිළිබිඹු වේ.
ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයා…
“නේපාලයේ වෙච්ච සිද්ධිය අවාසනාවන්ත සිද්ධියක්. ගරු ජනාධිපතිතුමා ශෝකයත් පළ කළා. ඒ වගේම රජයක් හැටියට මූල්යමය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක සහනාධාර ලබාදීම සඳහා මූලික කටයුතු සිදු කරගෙන යනු ලබනවා. ඒ වගේම ආරක්ෂක අමාත්යාංශය සහන කණ්ඩායම් ජාතික ආපදා කළමනාකරණ සහන මධ්යස්ථානය තියෙනවා, ඒකෙන් සැලැසුම් කරගෙන යනවා එහෙ අවශ්යතාවයන්ට ලබාදීම සඳහා සහන කණ්ඩායම් මොන විදිහට ද යවන්නේ කියලා තාමත් සැලැසුම් කරගෙන යන්නේ, යවන භට පිරිස් ප්රමාණය නැත්නම් මොන විදිහේ සහන කණ්ඩායම් ද කියලා නැහැ. හෙට අනිද්දා දිහාවට ඒ කටයුතු සලස්වන්න තමයි අපි රජයක් හැටියට ආණ්ඩුවක් හැටියට කටයුතු සම්පාදනය කරන්නේ, ඒ නිසා ළගම තියෙන, දකුණු ආසියානු රටක් හැටියට වශයෙන් අපි ඒ වගේම සංවේදීව කටයුතු කරනවා.”


