*
Monday, September 30, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම.

(වොෂින්ටන් වෘකයා)

🎀මා මිත්‍ර අනුර….කපටි නරියා ගේ  ලව් ආමන්ත්‍රණය….?

🎀මම දිනෙව්වෙ නැත්නම් ලබන මාර්තුවේදි ආපහු මටම රට බාරගන්න වෙනවා…..?

🎀බ්‍රෝකර්ල නැතුව කෙළින්ම මට රට බාර දෙන්න….?

🎀ගිණිගත් රට නිවු පසු ඉදිරියට ගෙනයන හැටි රනිල් කියයි. බෑයි කියල බෑ…!

🎀රනිල් ගේ ථේරවාදී වෙළෙද ආර්ථිකයේ හැඩරුව….?

🎀මාළිමා ප්‍රතිපත්ති හැදීමට නරියා ගෙන් ටියුෂන්……?

🎀 විපක්ෂය බදු අඩුකර රටේ ආදායම නැතිකරලා ජනතාවට සහන දෙන්න සල්ලි හොයන මැජික් එක කියන්න……!

🎀මාළිමාවට ඉන්දියාවෙන් කණේපාරක්…..?

🎀මාළිමා ආණ්ඩුවකට දෙමළ ජනතා සහායක් නෑ…..?

🎀මාළිමාව දිනුවොත් ඉන්දු – චීන තෙරපුමකට ලංකාව බිළිවීම…..?

🎀අනුරට ඡන්දෙ දෙන්න රටින් එනවා නම් පැනල නොගිහින් අපි එක්ක පෝළිම් වල ඉන්න බලාගෙන එන්න….?

🎀IMF එක්ක විවාදෙට රනිල්ගේ අභියෝගයට මාළිමාව සද්ද නැතිවීම…?

🎀රංගෙ අලියගෙන් කොයිබට ද…..?

🎀එජාප මහලේකම්කමට සජබ ඇතුලේ පොරයක්….?

🎀රනිල් ගෙන් පිට ඡන්දෙ දෙන්න රට ඉදල එන අය ආපහු නොගිහිං පෝළිමේ ඉන්නත් එක්ක එන්න….?

🎀මාධ්‍ය උපමාන කඩන අයට ජනරාල්ලා දෙදෙනෙකුගෙන් නිළ තගක්…..?

මේ ගෙවෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශන සතියය.මෙතෙක් පැමණි සුරංගනා ප්‍රතිපත්ති හරිහැටි ක්‍රියාත්මක වූවා නම් ලංකාව ඇමෙරිකාවටත් එහාය. මාළිමා ලියවිල්ල ආ විගස කියවුණේ එය “රනිල් ගෙන් අසා ලියූ එකක් බවය. කලකට පෙර සිටම රනිල් කීදේට එරෙහි වුවද ජවිපෙ අද 2024 දී රනිල් ගේ දැක්ම කාබන් කොපියක් ලෙස එළිදක්වා ඇති බවය.

“බදු අඩුකළාම රු බිලි 250 එනම් කෝටි 25,000 ක් නැති වෙනවා. ඉන්දන ලයිට් අඩුකරලා පවුලකට රු 10,000 කුත් දෙනවලු. ඒ විශාල මුදල හොයන හැටි ගැන වචනයක් නෑ. රටේ ආදායම අඩු කරලා වැඩි සහන ජනතාවට දෙන මැජික් එක දැනගන්න ආසයි. එයාලට ගනිතය බෑ. මා හැර වෙන කෙනෙක් දිනුවොත් මාර්තු වෙනකොට රට මටම බාරගන්න වෙනවා. ඒජන්තලා හරහා නොදී රට මටම කෙළින්ම බාර දෙන්න” නරියා මාළිමාව ට කොචොක් කළේය.

“මාළිමාව වැල් පාළම දෙපැත්තෙන්ම කපලා රටම ගගට දාන්න හදන්නෙ.  කතාකරනව වගේ රටවල් හදන්න බෑ”ඔහු වැඩි දුරටත් කීවේය.

සජබ ප්‍රතිපත්ති නුවරදී එළි දකිද්දී “රනිල් සමඟ රට දිනවන වසර 05 ක්” ථේරවාදී වෙළෙද ආර්ථිකයට මුල්තරන දෙන එනම් රාජ්‍ය ගෙවීම් වල හිග මාස 03 කට වඩා රදවා නොගැනීම හා මුදල් අච්චු නොගහන පසුබිම ඇති කිරීම එහි හරය වේ.

“මේ ක්‍රමය අනුරපුර රාජධානියේ තිබුණා. වැව් අමුණු හැදුවේ අපේ මුදලින්. ඒත් අපි මහවැලිය හැදුවෙ පිටරට ආධාර වලින්. දැන් අපට බෑයි කියල බෑ” දොස්තර හොදහිතට ඇදපු නරියා තරම් දැක්මක් ඇත්තෙකු නැති බව පසක් කර ඉතිහාස පාඩමක්ද කියා දුන්නේය.

ඔහු මල්පාරට එනවිට මැති ඇමතිලා දුසිම් බාගයක්  සිටියෝය.

“සජබ ප්‍රතිපත්ති නුවරදී දානවා වුණාට මහනාහිමිවරුන්ට සොප්fට් කොපි දීල සැප්: 04 රටට දෙන්නෙ කියලත් ආරංචියි. ඇතුලෙ කචල්ලු” ඇමති ප්‍රසන්න කීවේය.

“ජගත් කුමාරයි කීප දෙනෙකුයි ගියාට සමෘද්ධි සංගමය ඉන්නෙ අපි එක්ක” ඇමති ෂෙහාන් කීය.

“එජාප මහලේකම් රංගෙ යනවලු නේද. එයාට චෝදනා ඇවිත් නේද” අයෙක් ඇසුවේ රනිල් ගෙනි.

“එයාගෙ ප්‍රශ්නයක් මට කිව්වා. පළිගැනීම් යටතේ වන්දියකුත් පාස් වුණා. එයාගෙම නීති ගැටලුවක් නිසා ඒක දෙන්න විදියක් නෑ” කපටි නරියා කිව්වේ එහෙමය.

“ඒකට කැබිනට් පේපර් එකක් දානවා” නිළධාරියෙක් කීය.

“එජාප ලේකම් තලතා ද” ඒ තවත් පැනයකි.

“තලතා වගේම සජබ කට්ටියකුත් ඔික ඉල්ලනවා” රුවන් විජයවර්දන කීවේ කොක්හඬලමිනි.

“අනුර වගේ අත්දැකීම් නැති කෙනෙක් ජනපති ලෙස දෙමළ සමාජය නිර්දේශ කරන්නෙ නෑ. සාමය හා ජාතීන් අතර සහයෝගීතාව ආර්ථිකය ගැන වැඩ පිළිවෙලකුත් එයාලට නෑ. එයාල දිනුවොත් ඉන්දු – චීන  තෙරපුමකට ලංකාව නතු වෙනවා. ඒක රටට විශාල ගැටලුවක්” විග්නේෂ්වරන් කී දේ ලෝකය පුරාම විසිරී ගියේය.

ඉන්දියානු බුද්ධි අංශයේ සමීක්ෂණයක් තුළින් මාළිමාව පෙරමුණේ බව ට ප්‍රචාරයක් දියත් විය. එය මාළිමාව රට නොමග යැවීමට කල දෙයක් බවටද සැක පළවිය.  ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නව දිල්ලියේ ද අනුමැතියෙන් වහාම නිවේදනයක් නිකුත් කරමින් එම පුවත හිතාමතා ගෙතූ එකක් හා ඉන්දියාව එවැනි කටයුත්තකට කිසිසේත්ම මැදිහත් නොවූ බව පවසා මාළිමාමේ රෙදි මහ දවල් ගලවා දැම්මේය.

කිසි දෙයක් ඇගට ගැනීම නරියාගේ පිළිවෙත නොවේය. ඡන්දය සැහැල්ලුවෙන් යන්නේ එ් තුළය. මල් හා පැජට් පාරවල් වල ගහන ප්ලෑන් සිරිකොත හරහා රටටම විසිරෙන අතර දින දෙකකට වරක් රැළි සංවිධානය වන්නේ ද ඒ තුළය. වසරකටත් කළින් දිවීම ඇරඔු අනුර හා සජිත් ට දැන් වාරු නැති තරම්ය. නිසි වෙලාවට නිසි තැන තබන රැළි වලින් නරියා උපරිම වාසි ගන්නේ එහෙයිනි. ඡන්ද මැදද ජනපති ගේ රාජකාරි බැහැර නොකරන නිසා මේ දිනවල  ඔහු ගමන් යන්නේ ගෙවා ලබාගත් ගුවන් හමුදා යානා වලිනි.

සදුදා මල්පාරට ආ රනිල් දේශපාලන උපායන්, රැළ සංඛ්‍යාව,ජනමාධ්‍ය, කථිකයන් හා ජනතාව හමුවේ මතුකල යුතු කරුණු ගැන දේශනාවක් කළේය.

“ගෙන් ගෙට යාම වටිනවා. මාළිමාව වගේ දුසිම් ගණං ගිහින් වැදිබණ කියලා ලකුණු කපා ගන්න එපා. ගිණිගත් රට නිවපු නිසා රටේ යළි ගිණි නොඇවිලෙන ලෙස ඡන්දය දෙන්න කියන්න” නරි උපදේශය එයය.

 සදුදා කැබිනට් හමුවේදී රනිල් ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හා ජනතාවට දෙන සහන  ගැන තීන්දු ගැණින. ප්‍රතිපත්ති වල වගකීම් සමන් ඒකනායකට ද කතා තැනීම ආචාර්ය සමරතුංග ට හා ඒවාට හැඩ අයිසින් දැමීම සමන් අතාවුද ට පැවරිණ.

අගහරුවාදා ආරක්ෂක මණ්ඩලයේදී අපේක්ෂක හා ඡන්ද දිනයට පෙර හා පසු මෙන්ම ඡන්දයදා ආරක්ෂාව ගැන පුළුල් කතාබහක් සිදු කෙරිණ. මුදල් අමාත්‍යාංශයට පැමිණ ආර්ථිකයේ හැසිරීම හා ජනතාවට ලබාදෙන ප්‍රතිලාභ ගැන ද ගැඔුරු කතාබහක් සිදුවිය.

ගෙම්බන් පැනීම ජාතික ක්‍රීඩාව වී ඇති නිසා රාජිත තලතා වැනි මහ පැනිලි සේම කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක ද මන්ත්‍රීවරු සමඟ   සිලින්ඩරය ශක්තිමත් කිරීමට එකගතාවට පැමිණියහ. රදගුරු සමුළු සභාපති හැරල්ඩි ඇන්තනි හා හලාවත රදගුරුකුමන්ලා හමුවූයේ අනතුරුවය.

“IMF එක්ක සජීවීව මමයි මා මිත්‍ර අනුරයි සජිතුයි කතාකරමු” නරියා තවත් තොප්පියක් දැම්මේය. “මා මිත්‍ර” ආමන්ත්‍රණය තවත් ලෙඩක්දැයි කුකුසකි. සජිත් IMF විවාදය බාරගත්ත ද අන්රයියා තාම නෑසුනු කණින් ය.

“ජනපති ගෙන් පිට කෙනෙකුට ඡන්දෙ දෙන්න රට ඉදන් එන අය පැනල නොගිහිං අපිත් එක්ක පෝළිම් වල ඉන්නත් එක්ක එන්න” වෛද්‍ය රාජිත අපූරු යෝජනාවක් කළේය.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හා මාධ්‍ය කටයුතු ගැන ඒකාබද්ධ මෙහෙයුමක් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් දිනිත් හා මැති: කොමසාරිස් ජෙනරාල් සමන් රත්නායක අරඔා තිබේ. මෙහිදී මාධ්‍ය පැමිණිලි ගලා එන පසුබිමක මාධ්‍ය ප්‍රධානීන් කැදවා අවසන් නිවේදන නිකුත් කර තිබේ.

“මාධ්‍ය උපමාන අනුගමනය නොකර පස්සෙ දොස් කියන්න එපා” දිනිත් හා සමන් මාධ්‍ය ඔස්තාර්ලාට පොඩි තගක් ද දැම්මේය. 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan