*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

මාලිමාවේ තැපැල් ජන්ද ප්‍රතිඵලය මෙන්න!

කොළඹ LNW:එළඹෙන සැප්තැම්බර් 21ට යෙදී තිබෙන ජනාධිපතිවරණයේ තැපැල් ජන්දයෙන් 80%ක් ජාතික ජන බලවේගයට හිමිවන බව එහි නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (30) කොට්ටාව නගරයේ පැවති ”රට අනුරට” මහජන රැළිය අමතමිනි.

මේ වන විට ජන්දය කරමින් සිටින්නේ ජනතාව වන අතර ජාතික ජන බලවේගයට විරුද්ධ කඳවුරු එකම කඳවුරකට පැමිණීමට උත්සහ කරමින් තිබුණද දැන් එයට ප්‍රමාද බවයි අනුර දිසානායක මහතා කියා සිටියේ.

”දැන් අපිට විරුද්ධ කදවුරු එක කඳවුරකට එන්න හදනවා දැන් ඒකට පරක්කුයි. රනිල් අපි ගැන බයක් හදනවා. ජාතික ජන බලවේගය එන්නේ පෝලිම් හදන්න නෙවෙයි රට හදන්න. ජනතාවගේ අතට බලය යන ආණ්ඩුවක් හැදෙන නිසා බයවෙලා ඉන්නේ. අද ජනතාව ජන්දෙ කරන්නේ. මහජනතාවගේ දේපල ප්‍රකෝටි ගණන් නාස්ති කළ අය නීතිය ඉදිරියට ගෙනියන්න ඕන ඒක අපි තිතට කරනවා. නාගරික ජනතාවගේ ආදායම වැඩි නොවුනට වියදම වැඩිවෙලා. අපිට දීර්ඝ කාලීනව ආර්ථිකය ගොඩනැගීමේ සැලැස්මක් තියෙනවා. අපි අවුරුද්දක් එකාහාමාරක් ඇතුළත බිලෙන් තුනෙන් එකක් අඩුකරනවා. තෙල් මිල අඩු කරනවා. මේ බලශක්ති ප්‍රශ්නයට උත්තරයක් හොයනවා.ජාතික ජන බලවේගය පොදු ප්‍රවාහනය ශක්තිමත් කරනවා.අපි සැලසුමක් හදලා තියෙනවා ප්‍රවාහනය කලාප වලට කරන්න. පලමුවෙන්ම ආහාරවලට අධ්‍යාපන උපකරණ වලට තියෙන වැට් බද්ද සෞඛ්‍යට තියෙන වැට් බද්ද මුළුමණින්ම ඉවත්කරනවා. උපයනවිට බද්ද ලක්ෂ දෙක දක්වා ගෙනියනවා. මේවා අඩු කලාම. නාස්තිය අවම කළොත් බිලියන 300ක් විතර එකතුකරගන්න පුලුවන්.
පළමු වෙනි වතාවට ජනතාව බලාගන්නා ආණ්ඩුවක් හදාගමු.”
යනුවෙන් දිසානායක මහතා අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan