රෂිකා හෙන්නායක අගෝස්තු 31 , කොළඹ (LNW):
එක්සත් ජාතික පක්ෂය කඩා වෙන් කළේ සජිත් ප්‍රේමදාස මහතා බවත් ඔහු සමඟ සිටින පිරිස සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන් නම් යළි තමන් සමඟ එක්වන ලෙස ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කර සිටී.
අස්වැසුම ගෙන ආවේ සමෘද්ධිය නැති කිරීමට නොව එය තවත් ශක්තිමත් කිරීමට බව ද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී.
ඒ මහතා මේ බව කියා සිටියේ, ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කරමින් බණ්ඩාරවෙල නගරයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
පුළුවන් ශ්‍රී ලංකා ජන රැලි මාලාවේ බණ්ඩාරවෙල ජන රැලියේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුම අදහස් දැක්වීය.