මිතුරන් වීම වඩාත් යහපත් බව චීන ජනාධිපතිවරයා ෂැංහයිහි දී නරේන්ද්‍ර මොදිට කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීන ජනාධිපති ෂී ජින් පිං සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක් අද(31) චීනයේ ෂැංහයිහි දී සිදුවී තිබේ.

වසර හතකට පසු ඉන්දීය අග්‍රාමාත්‍ය මොදී චීනයේ සංචාරය කළ පළමු අවස්තාව මෙය වන අතර ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයන් අතර මෙම හමුව සිදුවී ඇත.

චීනය සහ ඉන්දියාව ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් විය යුතු බවත්, දෙපාර්ශ්වයම උපායමාර්ගික උසකින් සහ දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් දෙරට අතර සබඳතා හැසිරවිය යුතු බවත් දෙපාර්ශ්වයම මිතුරන් වීම නිවැරදි තේරීමත් චීන ජනාධිපතිවරයා මෙහිදී අග්‍රාමාත්‍ය මෝදිට ප්‍රකාශ කර තිබු අතර, ඒ අනුව යමින් ඔවුන් අතර දැන් සාමයේ සහ ස්ථාවරත්වයේ වාතාවරණයක් පවතින බව අග්‍රාමත්‍ය මෝදි නිවේදනය කර ඇත.

ඉන්දියාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා වන එක්සත් ජනපදය දිල්ලි රජය රුසියානු තෙල් මිලදී ගැනීම අඛණ්ඩව සිදු කිරීම සඳහා දඬුවමක් ලෙස ජනාධිපති ට්‍රම්ප් ඉන්දියානු භාණ්ඩ සඳහා 50%ක දැඩි තීරුබදු පනවා ඇති අතර, ඇමරිකා එක්සත් ජනපද-ඉන්දියානු සම්බන්ධතාවය ගැටලුකාරීවන විට, අග්‍රාමත්‍ය මොදී චීන ජනාධිපතිවරයා වෙත සමීප වෙමින් සිටී. රටවල් දෙකම වඩාත්ම ජනාකීර්ණ රටවල් පමණක් නොව, ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙකකි.

මෙවර චීනයේ පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO) වෙනුවෙන් ජනාධිපති පුටින් ද ඇතුළුව ලෝක නායකයින් 20 කට වැඩි පිරිසක් සහභාගී වන බව වාර්තා වේ. මෙම සංවිධානය රුසියාව සහ මධ්‍යම ආසියානු රටවල් විසින් නිර්මාණය කරන ලද්දේ නේටෝ වැනි බටහිර සන්ධානවල බලපෑම සීමා කිරීම සඳහා ප්‍රති-පියවරක් ලෙස ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉක්මන් පරීක්ෂාවකට ලක් විය යුතු බදුල්ලේ ස්ථාන හතක් හඳුනාගනී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඉක්මන් පරීක්ෂාවකට ලක්...

යුරෝපා සංගමයෙනුත් සහන පැකේජයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආපදා තත්ත්වය හමුවේ...

සත්ත්ව ගොවිපල 16000 කට සිදු වූ ආපදාවෙන් හානි: රජයෙන් ලක්ෂ දෙක බැගින් වන්දි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : සත්ත්ව ගොවිපල 16000...

ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ නාය යෑමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ...