ආණ්ඩුව ගොවියාගේ ජීවත් වීමේ අයිතියත් වගා කිරීමේ අයිතියත් උදුරාගෙන අවසන් – සජිත්

Date:

කොළඹ LNW:අද වන විට වත්මන් රජය ගොවියාගේ ජීවත් වීමේ අයිතියත් වගා කිරීමේ අයිතියත් උදුරාගෙන අවසන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

හේන් ගොවිතැනේ නියැලී සිටින ජනතාවගේ ගැටලු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන අතර ගොවීන් ඉල්ලා සිටින්නේ සහනාධාර, මුදල් ආධාර නොව දශක ගණනාවක් පුරා වගා කළ බිමට අයිතිය බව ඔහු සඳහන් කරයි.

බඩඉරිගු කොමඩු බණ්ඩක්කා ඇතුළු වගා කරන 5000ත් 6000ත් අතර පවුල් ප්‍රමාණයක් අක්කර 25000ක් තුළ දශක ගණනාවක් පුරා පාරම්පරික හේන් වගාව කරගෙන සිටින බවත් වගාවේ අයිතිය ඉල්ලා සිටින බවත් වගාවට ඇති ජීවනෝපායට ඇති ජීවත් වීමට ඇති අයිතිය මේ ගොවීන් ඉල්ලා සිටියත් අද එය උදුරාගෙන ඇති බව ද ප්‍රේමදාස මහතා කියාසිටියි.

රජයේ මැතිඇමතිවරු ළඟට මේ ගැටලුව ගෙන යන විට විහිලුසහගත උත්තර දෙන අතර මේ ගැටලු දිස්ත්‍රික් කමිටුව හරහා විසඳා ගන්නා ලෙස කැබිනට් ඇමතිවරු කියා සිටින බවත් මේ අයිතිය ලබාගැනීමට සමගි ජන බලවේගය පෙනී සිටින බවත් හෙතෙම අවධාරණය කරයි.

ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව හඩ නගන බවයි ඔහු සඳහන් කරන්නේ.

පරම්පරා ගණනාවක් පුරා වගා කටයුතු කර රජයට බරක් නොමැතිව සිටි මේ ජනතාව නිදහස් නිවහල් ජීවිතයක් ගත කළත් අද රජය විසදුම් ලබා නොදීම නිසා දුප්පතුන් බවට පත් කර ඇති බවත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියාසිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් සිටියේ අද මොණරාගල දිස්ත්‍රික්කයේ කොටියාගල ගොවි ජනතාවගේ ඉඩම් ගැටලු පිලිබඳ සාකච්ඡා කිරීම සදහා කොටියාගල 99 හංදිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හත් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පාකිස්තානයේ කයිබර්...

2026 දණ්ඩ මුක්තිය නසා,යුක්තිය දිනන වසර කරගමු – ප්‍රගීත් එක්නැළිගොඩට යුක්තිය පතා මෝදර කාලි කෝවිලේ අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන්කර වසර 16ක්...

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගුවීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!