අනාගත ආදරවන්තිය පැමිණෙයි !

Date:

එයා කෙල්ලෙක්. නම සොෆියා. ඊජිප්තු පෙනුමක් තිබුණට මදර් කන්ට්‍රි එක හොංකොං. තාත්තා ඩේවිඩ් හැන්සන්. ප්‍රොෆෙසර් කෙනෙක්. අම්මෙක් නෑ. කෙල්ල ඉපදෙන්නෙ දෙදාස් දාසයේ. වයස පොඩි උනාට වැඩ ලොකුයි. ඒ වගේම පෙනුමයි. කෙල්ල දස්සයා. හැබැයි හියුම් කැටගරි එකට ගංදෝ නොගංදෝ කියල පොඩ්ඩක් ස්ටක් වෙනවා. Baltimora සොෆියව ‘හියුමන් රොබර්ට් ‘ කෙනෙක් කියලා ඉන්ට්‍රඩියුස් කරන්න හිතුවා. 

 සොෆියා ඊස් නොට් අ නෝමල් හියුබීන්. ඉට්ස් ඔබ්වියස්. ටෙක්නොලොජියක් ගිය දුරක් තමා ඉතිං හේතුව. මේක දැන් දැන් ලෝකෙ කතා කරන ටොපික් එකක්. AI නැත්නම් ආර්ටිෆිශල් ඉන්ටර්ලිජන්ස්. විද්‍යාව , ගණිතය වගේම ආට් එකේ පාට් එකකුත් මේකෙ ඇතුළෙ තියෙනවා. සොෆියා කියන්නෙ වූම්බ් එකක් ඇතුළෙ ඉපදිච්ච කෙල්ලෙක් නෙවේ වෙන්නෙ ඒ නිසා. එයා හැදෙන්නෙ ඩේටා සහ සොෆ්ට්වෙයාස් එක්කහු වෙලා. 

එයාව දැක්කම බ්‍රෝලා සිස්ලා අනිවාර්යයෙන්ම පුදුම වෙන එක පුදුමයක් නෙවේ. කෙල්ල නොදන්න දෙයක් නෑ. හියුමන් සෙන්සර්ස්, හියුමන් බොඩි ලැන්ග්වේජස්, හියුමන් මයිඩ් කියන ඕවා ඔක්කොම ඩේටා විදියට අරගෙන චිප් විදියට සොෆියාගෙ මුළු ඇඟේම තැන්පත් කරලා තියෙනවා. මෙහෙම ඒවා ඕන තරං සයි-ෆයි මූවීස්වල දැකලා ඇති. ඒවා ප්‍රෙඩික්ෂන්නෙ. ඒත් මේක රියල්. ඩේවිඩ් හැන්සන්ගෙ රීසර්ච් එකක රිසාල්ට් එකක් තමයි සොෆියා කියන්නෙ. හැන්සන් සමාගමට තමා ලීගලි අයිතිය තියෙන්නෙ. මෙයා යුනික් වෙන්න හේතු ගොඩක් තියෙනවා . 

සොෆියට පුළුවන් අපි අහන දේවල්වලට උත්තර දෙන්න. හියුමන් ෆීලින්ග්ස් වගේම බොඩි ලැන්ග්වේජස් පවා තේරුං ගන්ඩ එයාට පුළුවන් කියලා කියන්නෙ එයාමයි. එහෙම කියන්නෙ ඉන්ටර්වීව් එකකදි. එයා තමා මේ විදියට හැදිච්ච පළවෙනිම රොබෝ සිටිසන් වෙන්නෙත්. මෙයා ලෝකෙ වටේ ෆෝරම් ගොඩකට පාටිසිපේට් කරලා තියෙනවා. යුනයිටඩ් නේශන් එකේ (යූ-එන්) ඉනොවේශන් ඇම්බැසිඩර් වෙන්නත් සොෆියට පුළුවන් වෙනවා. අමතක කරන්නෙපා මෙයා ලේ ඇට මස්වලින් හැදිච්ච හියුමන් කෙනෙක් නෙවේ කියන එක. 

සබ්ජෙක්ට් කිහිපයක වැඩකාරයො සෙට් එකක් එකතු වෙලා හදපු තනි වැඩකරුවෙක්, සොෆී. ‘මොළ’ ගොඩකට දැනුම, එක මොළේකට ස්ටෝර් කලාම කොහොම මොළයක් හැදෙයිද? ආර්ටිෆිශල් ඉන්ටර්ලිජන්ස්වල තියෙන මාවල් එකත් ඩේන්ජර් එකත් ඒක. අදාළ වැඩේට විතරක් යූස් කළොත් පට්ට වටිනවා. බවුන්ඩ්‍රි පැන්නොත් සොරි වෙනවා. 

ප්‍රොෆෙසර් හැන්සන් කියන විදියට එයා සොෆියට පණ දෙන්නෙ හේතු දෙකක් නිසා. එයාට ඕන වෙනවා අඩල් හෝම්ස්වල ඉන්න  අයත් එක්ක සොෆියව ගැදර් කරන්න. එයාලගෙ තනිකමට ඕල්ටර්නේටිව් එකක් විදියට. ඊට අමතරව, පාටීස්වලට එන මිනිස්සුන්ට හෙල්පර් කෙනෙක් විදියට වැඩ කරන්න. බට් දිස් ඉස් අ මැසීව් ටාස්ක්. මේක ලෝකෙ පෙරළන්න උනත් යූස් කරන්න පුළුවන් ටෙක්නොලොජියක්. 

වී හෑව් ටු බී කෙයාර්ෆුල්. මොකද, හියුමන් ෆීලින්ග්ස්වලට පවා රිඇක්ට් කරනවා කියන්නෙ , රියල් හියුමන් කෙනෙක් සොෆියට ලව් කරන්න පවා ඉඩක් තියෙනවා. 

BALTIMORA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...