සර්ව පාක්ෂික හරි මොකක් හරි ස්ථාවර ආණ්ඩුවක් හදන්න – පොහොට්ටුවෙන් ජනාධිපතිට බලපෑම්

Date:

දේශීය වශයෙන්ම මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද බිඳවැටී ඇති විස්වාසය යළි තහවුරු කර ගැනීම සඳහා ස්ථාවර ආණ්ඩුවක් ඉතා ඉක්මනින් පිහිටුවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරනවා. රට ආර්ථික වශයෙන් ස්ථාවර කිරීමට නම් දේශපාලන වශයෙන් රට ස්ථාවර කිරීම අත්‍යවශ්‍ය බවත් එම පක්ෂය අවධාරණය කරනවා.

පවතින අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා විදෙස් රටවල සහාය ලබා ගැනීමට තිබෙන ප්‍රධාන බාධාව රටතුළ දේශපාලන ස්ථාවරත්වය නොමැති වීම බව පෙන්වා දෙන පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසන්නේ, ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම හරහා විදෙස් රටවලට, ජාත්‍යන්තර සංවිධානවලට මෙන්ම විදෙස් ආයෝජකයන්ටද වැදගත් පණිවුඩයක් ලබාදිය හැකි බවයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පොදුජන පෙරමුණේ පූර්ණ ආශිර්වාදය සහ සහයෝගය හිමිවන බවත්, එවැනි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම තවදුරටත් කල් යන්නේ නම් වෙනත් ආකාරයේ ආණ්ඩුවක් පිහිටුවා හෝ රට ස්ථාවර කළයුතු බව සාගර කාරියවසම් මහතා සඳහන් කරනවා.

මෙතෙක් පත්කර නොමැති කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පත්කර ස්ථාවර පාලනයක් ස්ථාපිත කරන ලෙස තම පක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද ලේකම්වරයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...