*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 08/31

  1. සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්වීමට යන බවටත්, රනිල් වික්‍රමසිංහ මීළඟ ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කළහොත් තමා ඔහු යටතේ අග්‍රාමාත්‍යධුරය හොබවන බවටත් පළවන වාර්තා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තරයේ ප්‍රතික්ෂේප කරයි සාගින්නේ හා ජල හිඟයෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් තමා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න නඟන බව පවසයි: ජනාධිපතිවරයාගෙන් මාසික වැටුපක් ලබා ගන්නා ඇතැම් විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන් වීමට තමාට අවශ්‍යතාවයක් නොමැති බව ද පවසයි.
  2. ආයෝජනවලට පහසුකම් සැලසීම සඳහා තනි කවුළුවක් සැකසීමේ අවශ්‍යතාවය, ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වී සිටින එක්සත් ජනපද සෙනෙට් සභික ක්‍රිස් වෑන් හොලන් (Chris Van Hollen) අවධාරණය කරයි: දේශපාලන ප්‍රතිසංස්කරණ සහ සංහිඳියාව ආදිය ආයෝජනවලට අදාළ වැදගත් සාධක බැවින් ඒවා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රගතියක් අත්කර ගන්නේ ද නැති ද යන්න පිළිබඳව එක්සත් ජනපද සමාගම් විසින් සොයා බලනු ඇති බව පවසයි.
  3. කිඳා බැසගිය MV X-Press Pearl නෞකාවෙහි රක්‍ෂණකරුවන් විසින් ඉදිරිපත් කරන ලද ඇ.ඩො. 878,000 (රු. මිලියන 285) ක පිරිනැමීම රජය භාරගත්තේ දැයි සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපතිනි දර්ශනී ලහඳපුර විමසයි: රක්‍ෂණකරුවන් විසින් එම මුදල ද සමඟ තවත් රු. මිලියන 16ක වන්දියක් ලබා දෙන බවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ විසින් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් නීතිපති සංජය රාජරත්නම් විසින් පැහැදිලි කිරීමක් සිදුකළ යුතුව ඇති බව අවධාරණය කරයි: රක්ෂණකරුවන් විසින් ලබා දෙන්නේ යැයි කියන මුදල, ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටින ඇ.ඩො. බිලියන 6.2 ක හිමිකම් පෑම හා සැසඳෙන්නේ දැයි පරීක්ෂාකළ යුතු බව ද පෙන්වා දෙයි.
  4. ආගමික සිද්ධස්ථාන සහ ඓතිහාසික ස්ථාන ආරක්ෂා කිරීමට රජයේ කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි: උතුරු සහ නැගෙනහිර ආගමික කටයුතු ආමන්ත්‍රණය කිරීම අරමුණු කොටගත් ඒ ඒ පළාත්වල ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් කමිටු පිහිටුවීමට කටයුතු කරන බව පවසයි.
  5. පොලී ආදායම මසකට රු. 100,000 ට වඩා අඩු නම්, සැප්තැම්බර් 10 වන දිනෙන් පසු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී හා බදු ආදායමෙන් අය කරනු ලබන 5% ක රඳවා ගැනීමේ බද්ද රජය විසින් ආපසු ගෙවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
  6. චීන භූ භෞතික සහ භූ කම්පන සමීක්ෂණ යාත්‍රාවක් වන “Shi Yan 6” විසින් රැස් කරන ලද සියලුම දත්ත නාරා (NARA) ආයතනය සතුව පවතින අතර එම දත්ත ශ්‍රී ලංකා රජය සතු බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය පවසයි.
  7. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අධ්‍යාපනය සහ පර්යේෂණ සඳහා විදෙස්ගත වන විට ඔවුන් එම රටවල රැඳී සිටීම වැළැක්වීම සඳහා බැඳුම්කර ගාස්තුවක් (bond fee) ගෙවීමට සිදුවන ක්‍රියා පටිපාටියක් හඳුන්වාදීම සඳහා යෝජනාවක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයහු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කරති.
  8. මෙරට එකම පෞද්ගලික හිමිකාරීත්වය දරන අඩු වියදම් ගුවන් සේවය වන FitsAir 2023 ජූලි මස ආසියාවේ වඩාත්ම කලට වේලාවට වැඩ කරන ගුවන් සේවය ලෙස තේරී පත්වෙයි: මෙම ගුවන් සමාගම දැනට චෙන්නායි, ඩුබායි සහ මාලදිවයින වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.
  9. පරිසරය සුරැකීම සඳහා පොලිතින් භාවිතයෙන් වළකින ලෙස ප්‍රතිපත්තිමය වශයෙන් තීරණ ගෙන තිබුණ ද, දිනකට ආහාර ඔතන පොලිතින් (ලන්ච් ෂීට්) මිලියන 1.5ක් පමණ ශ්‍රී ලංකාවේ පසට එක් වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පවසයි.
  10. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ආසියානු කුසලානය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කරයි: දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් (උප නායක), චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සමර සමරවික්‍රම, මහීෂ් තීක්‍ෂණ, දුනිත් වෙල්ලලගේ, මතීෂ පතිරණ, කසුන් රාජිත, දුෂාන් හේමන්ත, බිනුර ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායම් සාමාජිකයන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan