ඉඩාලියා සුළි කුණාටුව හේතුවෙන් තිදෙනෙකු මරුට

ඊයේ(30 )උදෑසන ෆ්ලොරිඩා වෙරළ තීරයට කඩා වැදුණු ඉඩාලියා සුළි කුණාටුව හේතුවෙන් තිදෙනෙකු මියගොස් ඇතිබව වාර්තා වේ.

ෆ්ලොරිඩා,පැස්කෝ හා ජෝර්ජියා යන ප්‍රාන්ත වලින් මෙම මරණ වාර්තා වී ඇති අතර මරණ සියල්ල වර්ෂාව හේතුවෙන් සිදු වූ බවට මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉඩාලියා සුළි කුණාටුව 4 වන කාණ්ඩයේ භයානක සුළි කුණාටුවක් වශයෙන් හදුන්වන අතර ෆ්ලොරිඩා, ජෝර්ජියා, දකුණු කැරොලිනා සහ උතුරු කැරොලිනා හදිසි අවස්ථා ප්‍රකාශයට පත්කර තිබේ.

මේ සම්බන්ධයෙන් ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Jamie Rhome විස්තර කර තිබුණේ, පැයට කිලෝමීටර් 201 (පැයට සැතපුම් 125)ක් වේගයෙන් හමන සුළඟ, මුහුදු රළ ඉහල යාම, ගංවතුර හා ටොනේඩෝ පිළිබඳව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර ඇති බවයි.

ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් ප්‍රකාශ කර තිබුණේ අධික සුළං හේතුවෙන් විදුලි රැහැන් බිඳ වැටීම නිසා 250,000 ක් පමණ විදුලිය රහිතව සිටින බවයි.

හදිසි කළමනාකරණය පිළිබඳ ෆ්ලොරිඩා අංශයේ කෙවින් ගුත්‍රි පැවසා තිබුණේ, ඉඩාලියා සුළි කුණාටුවෙන් පසු සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ නිලධාරීන් 75%ක වපසරියක සෝදිසි කිරීම් කළමුත් අතිරේක මරණ කිසිවක් වාර්තා නොවූ බවයි.

සශිකලා මධුෂාණි-outboundtoday