CT ස්කෑන් යන්ත්‍ර කැඩිලා ලෙඩුන් අසරණයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  රජයේ විකිරණ විද්‍යාව තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති  චානක ධර්මවික්‍රම මහතා කියා සිටියේ ,කොළඹ ජාතික රෝහල තුළ පවතින CT ස්කෑන් යන්ත්‍ර 4න් දෙකක් මේ වන විට බිඳවැටීම හේතුවෙන් රෝගීන් මෙන්ම විකිරණ ශිල්පීන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සභාපති  චානක ධර්මවික්‍රම මහතා,

“ඊයේ දවසසේදී බිඳ වැටුණු යන්ත්‍රයෙන් අපි දිනකට රෝගීන් 250කට වැඩි පිරිසකගේ CT ස්කෑන් පරික්ෂණ සිදුකර යන්ත්‍රයයි බිඳවැටීම සිද්ධ වුණේ. වැඩිම පරික්ෂණ සංඛ්‍යාවක් සිදුකරන්නේ එම යන්ත්‍රයෙන්. දැන් ලංකාවේ මේ වනවිය CT ස්කෑන් යන්ත්‍ර 7කට වැඩි ප්‍රමාණයක් තාම බිඳවැටුණු තත්ත්වයේ තිබෙන්නේ. එම රෝහල්වල යන්ත්‍ර ඉතා ඉක්මනින් ප්‍රතිස්ථාපනය කළ යුතුයි. මොකද එහෙම නැති වුණොත් රෝගීන් ප්‍රවාහානයට සහ පෞද්ගලික අංශයෙන් CT පරීක්ෂණ කර ගැනීම සඳහා අපිට ඊට වැඩිය වැඩි මුදලක් වැය කරන්න සිද්ධවෙනවා මෙම පරික්ෂණවලදී.”

යනුවෙන් පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේකෙන් මුදල් නාස්ති වීමක් වෙලා නෑ. එක මොඩියුලයයි නෙ – මන්ත්‍රී සුරවීර

සටහන - රුවන් නෙළුගොල්ල නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී ආණ්ඩුව එක් පියවරක්...

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...