*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

අද නැවතත් ඉන්දියාව හමු වෙයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවුරුදු 16 න් පහළ ආසියානු තරගාවලියට සුදුසුකම් ලබන දකුණු ආසියානු බාලක කණ්ඩායම තෝරා ගැනීමේ තරගාවලියේදී හමු වූ විට ඉන්දියාව ඉදිරියේ ලකුණු 113 – 54 ක් ලෙස පරාජය වුව ද,නැවත අවසාන තරගයේදි අද ඉන්දියාව මුණ ගැසීමට නියමිතය.


ශ්‍රී ලංකාවට පෙර ඉන්දියාව සහ මාල දිවයින හමු වූ අවස්ථාවේ දී ලකුණු 90 – 34 ක් ලෙස ඉන්දියාව ජය ගත්තද,මේ තරගයේදී මාල දිවයිනට වඩා ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකාව ඉන්දියාවට මාල දිවයින ලබා දුන්නාට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නට ඉඩ දී ඇත.නමුත් මාල දිවයින ඉන්දියාව අභිමුවේ ලබා ගත් ලකුණු 34 ට වඩා ලකුණු 20 ක් ශ්‍රී ලංකාව ලබා ගෙන ඇත.


මෙය අවසාන තරගයට පෙර සෙමින් ලිහා ගත යුතු තත්ත්වයක්ය.පෙණුමෙන් ශ්‍රී ලංකාවේ අවධානය සහ හැකියාව ප්‍රතිවාදීන්ගෙන් ආරක්ෂා වීම සඳහා යොදා ඇති ආකාරය යහපත් නැත.එසේම ලකුණු ලබා ගැනීමේ හැකියාව සහ අවධානය සමඟ ලකුණු ලබා නොදීමේ හැකියාව සහ අවධානය සමබරව පවත්වා ගෙන යන්නට නොහැකි දුර්වලතාවයක් තිබිය යුතුය.එසේම වැදගත්ම කාරණාව වන්නේ ඉන්දියාව ගැන ක්‍රීඩා පිටියේදී අපේ හිත්වල තිබෙන දැවන්තකම සහ ඊට සාපේක්ෂාව තමන් සම්බන්ධයෙන් වන හැඟීමේ ඉන්දියාවට සාපේක්ෂව දෙවන පංතියේ පෙණුමය.
අවසාන තරගයේ දී පළමුව තමන් සම්බන්ධයෙන් වන අවම කොට සිතීම ඉවත් කරගෙන ඉන්දියාවේ මට්ටමට මනසෙන් වැඩෙන හැකියාව පෙරට ගෙන ආ හැකිනම් අවසාන තරගය යන්න දවසකට පෙර තිබුණ හැඩයට වඩා බොහෝ වෙනස් හැඩයකට ගෙන ඒම අපහසු නැත.


කාර්තු හතර ගත් විට ලකුණු ලබා ගැනීම වාර්තා වී තිබුණේ ඉන්දියාව ඉදිරියෙන් සිටින ආකාරයට 27 – 06,30 – 12,15 – 17 සහ 41 – 17 ක් ලෙස ය.මෙහි යම් කොළ සතුටුදායක පෙණුමක් ඇති තුන්වන කාර්තුවේ ලකුණු සටහන නැවත කියවා ගැනීම වැදගත්ය.එම කාර්තුවේ ඉන්දියාව සිය බලගතු ක්‍රීඩකයින් යොදා නොගැනීම වැනි තර්ක බොළඳ ඒවා වන අතර කණ්ඩායමක් වශයෙන් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයට ශ්‍රී ලංකාවට අභියෝග කළ හැකිය යන ධනාත්මක හැඟීම අවසාන තරගයේදී පවත්වා ගැනීම සහ ඒ සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසය පදනම් කරගෙන ක්‍රියාත්මක වීම අත්‍යශ්‍යය වන්නේය.
කෙසේ නමුත් මෙවැනි තරගාවලි ශ්‍රී ලංකාවේ හෙට දවස අත්දැකීම්වලින් පුරවන්නට අවශ්‍යය වන අතර ඒවා වඩාත් පළල් කරමින් අවස්ථා පුළුල් කිරීම වැදගත්ය.කලකට ඉහත බාලක පාපන්දුවේ ස්වරණමය ලාංකේය සළකුණ වූ මඩකළපුව ශාන්ත මයිකල් විද්‍යාලීය මැදිහත්වීම අහිමි කරමින් එම ප්‍රමෝදයේ නිර්මාතෘ වූ ඇමෙරිකානු ජාතික ඉයුජින් ජෝන් හෙබර්ට් පියතුමාගේ අතුරුදහන් වීම වැනි කරුණුු ක්‍රීඩා සංගම් අදාළ කර ගන්නේ අඩුවෙන්ය.ඒවා පුරවැසියන්ට නීති හරහා පමණක් ඉදිරියට යා යුතු බව සිතා ක්‍රීඩාවට අදාළ නොවන බව සිතන්නේනම් සංගම්වලට අමතක වන කාරණය එහි සිටින තමන් පුරවැසියන් බවය.


කෙසේ හෝ මේ තත්ත්වයන් ක්‍රීඩාවට බලපාන මට්ටම යනු ක්‍රීඩාවේ ව්‍යාප්තිය හීන වීම සහ දක්ෂතා සීමා වීම ලෙස තේරුම් ගැනීම වැදගත්ය.ඒ නිසා මේ කණ්ඩායම සිතියම්කාරී සිතීමකදී ලංකාවේ සමස්ත භූ ගෝලී වර්ගපලයෙන් ඉතා කුඩ නියෝජනයක් දක්වා හැකිලී ඇති බව පිළිගත යුතුය.මෙම තේරුම් ගැනීමේ දී වැදගත්ම දක්ෂයන් මෙම තේරීමේ සිටින බව පැවසීම නොවන අතර දක්ෂයන් තෝරා ගැනීමට ඇති වපසරිය පටුව හැකිලී තිබෙන බව තේරුම් ගැනීමය.


කෙසේ වුව මෙම තරගාවලිය වැදගත් තීරණයක් සහ හොඳ මෙහෙයවීමක් වන අතර එය හෙට දවසේ වැදගත් ආයෝජනක් ලෙස හඳුනා ගන්නේ බාස්කට් බෝල් කෙතරම් දුරක් භූ ගෝලීය වශයෙන් සහ භෞතික වශයෙන් මේ රට තුළ ඉදිරියට යනවාද කියන කාරණයට සාපේක්ෂවය.අවසාන තරගයට අප ද ශ්‍රී ලංකාවට සුබ පතන කණ්ඩායමේ නියෝජිතයන් වන්නට නොපැකිළිව ඉදිරිපත් වන්නෙමු.


Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan