අවසන් රන්දෝලී පෙරහැරේදී අලි-ඇතුන්ට මහත්‌ ගෞරවයක් ලැබෙද්දී, නිකිනි පෝ දින තඹුත්තේගම ගැමුණුපුරදී සද්ධන්ත වන අලියෙක් ජීවිතක්ෂයට!

තිසර සමල්

අනුරාධපුර (LNW): තඹුත්තේගම පොලිස් වසමේ, ගල්විහාරය ගම්මානයේ, ගැමුණුපුර ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක් තුළ මිය ගොස් සිටිවන අලියකුගේ මළ සිරුරක් අද (30)  උදෑසන සොයා ගෙන ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වයස අවුරුදු 30-35 ක් පමණ වන, සද්ධන්ත පිරිමි වන අලියකු බවයි තඹුත්තේගම වනජීවී කාර්යාල නිළධාරීන් පවසා සිටියේ.

මෙම වන අලියා ගැමුණුපුර ගම්මානයට යාබදව පිහිටි ගල්විහාර පුදබිමේ රක්ෂිතයේ මායිමට වන්නට  ජීවිතක්ෂයට සිටි අතර, අද (30) අලුයම මෙම වන අලියා මෙම ස්ථානයේදී ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි සැක කරන බව වනජීවි නිළධාරීන් පැවසීය.

ජීවිතක්ෂයට පත් වන අලියාගේ දේහයේ වෙඩි සලකුණක් හෝ විදුලි සැර වැදීමක සලකුණක් දක්නට නොතිබූ අතර,  මුඛයෙන් හා ගුද මාර්ගයෙන් ලේ වහනය වීමක් සිදු වන අයුරු නිරීක්ෂණය වන බවත් ඒ අනුව යම්කිසි රෝගයකින් හෝ යම්කිසි විෂ සහිත කෑමක් ආහාරයට ගැනීමෙන් මෙම වන අලියා මිය යන්නට ඇතැයි සැක කරන බවද වන ජීවි නිළධාරීන් පැවසීය.වන අලියා මිය යන්නට නිශ්චිත හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් පරික්ෂා කිරිම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය අද (30) පස්වරුවේ සිදු කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම වන ජීවි කාර්යාල නිළධාරීන් හා තඹුත්තේගම පොලිස් ස්ථාන නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ජීවිතක්ෂයට පත් වන අලියා දැක ගැනීමට බාල-මහලු බොහෝ දෙනෙකු එම ස්ථානයට පැමිණෙන අයුරුද එහි ගිය අපට දැක ගත හැකි විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...