ළමා අපචාර වැඩි වෙලාද

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා කියා සිටින්නේ , 2023  වසරේ ගත වූ කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 5,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.

ජනවාරි පළමු වැනි දින සිට ජුලි 31 වන දින දක්වා කාලය තුළ පැමිණිලි 5,456ක් පමණ ලැබී ඇති බවත් , ඉන් ළමුන් කෘෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1,296ක්ද,  බරපතළ තුවාල සිදුකිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 163ක්ද , බරපතළ ලිංගික අපයෝජන සිදුකිරීම් සම්බන්ධව පැමිණිලි 242ක්ද  ලැබී ඇති බවයි අමරසිංහ මහතා සඳහන් කළේ.

එමෙන්ම ළමුන් සිඟමනේ යෙදවීම සම්බන්ධයෙන් ද පැමිණිලි 196ක් ලැබී ඇති බවත්, වැඩි වශයෙන් ළමුන් සිඟමනට යෙදවීම සම්බන්ධයෙන් පැමිණිලි කොළඹ සහ නාගරික තදාසන්න ප්‍රදේශවලින් වාර්තා වී ඇති අතර, විශේෂයෙන් ආලෝක සංඥා පුවරු, සුපිරි වෙළෙඳසැල් ආශ්‍රිත සහ ඇතැම් ද්‍රව්‍ය අලෙවි කරන මුවාවෙන් ළමුන් සිඟමෙනේ යෙදවීම් බහුලව සිදුකෙරෙන බව උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව ළමුන් සිඟමනට යෙදවීම් සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරිය දැඩි අවධානයක් යොමුකර ඇති අතර ,මේ අතර සමාජ මාධ්‍ය භාවිතය සහ සයිබර් අවකාශය තුළ ළමුන්ට සිදුවන හිංසනයන් සම්බන්ධයෙන් පැමිණිලි 110ක් ලැබී ඇති  බව සඳහන්.

එහිදි ගැහැණු ළමුන් සම්බන්ධයෙන් පැමිණිලි 76ක් ද පිරිමි ළමුන් සම්බන්ධයෙන් පැමිණිලි 31ක් ද ලැබී ඇති බව සඳහන් වේ.

ජාතික ළමාරක්ෂණ අධිකාරිය සඳහන් කළේ, අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා මේ වන විටත් පොලිස් ස්ථාන වෙත යොමුකර ඇති බවයි.

මේ අතර ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එම අධිකාරිය සකස් කර ඇති ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා සකස් කළ පස් අවුරුදු ජාතික සැලැස්ම සැප්තැම්බර් මාසය තුළ දී කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවද ජාතික ළමාරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...