මාලකගේ රේඩියෝ බ්‍රෂ් එක 4 දා සිට භාවිතාවට

Date:

සමහර දේවල් තියෙනවා කාලයක් යනකොට පරණ වෙනවා.ඒවා බ්‍රෂ් එකකින් ශුද්ධ කරලා යථා තත්ත්වයට පත් කර ගන්න ඕනි.ඒ වගේම සමහර දේවල් බ්‍රශ් එකකින් ශුද්ධ කරලා පෙනුම අලුත් කරාට මදි අලුත් බුෂ් එහෙම දාලා ක්‍රියාවලියට අලුත් පෙණුමක් වගේම පණක් දෙන්නත් ඕනි.


කලාව ඇතුළෙ මේ භාවිතයන් හරියටම කරන්න වෙහෛසෙන කලාකරුවෙක් හැටියට තමන්ගේ හඬ ප්‍රකාශන ඔස්සේ මෙන්ම රූප ප්‍රකාශන ඔස්සේත් උත්සාහ කරන්නෙක් හැටියට මාලක දේවප්‍රිය හඳුන්වන්න පුළුවන්.ඔහු ඉතාම කුඩා අවදියේ ප්‍රසන්න ජයකොඩිගේ සෙවනැලි සහ මිනිස්සු තුළින් රංගන ශිල්පියෙක් විදිහට හඳුනා ගත්තු දවසෙ ඉදලා අමුතුයි.ඒ අමුතුකම කලාවට මුතු සරියි.කාලයත් එක්ක ඇඟපතට වඩා දැනුමෙන් සහ නිර්මාණ කුසලතාවයෙන් වැඩුණු මාලක ට බ්‍රෂ්වල කෙදි කපන්න පාත් වෙච්චි දැවන්ත මුවහත් අසිපත්වලට සමහර වෙලාවට කෙදි නෙමෙයි බ්‍රෂ් එකම කැපිලා ගියා.එහෙත් කඳ කෙළින් තියාගෙන ඉන්න තරමෙ හොඳ කොන්දක් එක්ක ඉස්සරහට ගමන් කරපු මාලක ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදකයෙක්,රචකයෙක් හැටියට මෙන්ම බහුචිතවාදියා සිනමා පඨය හරහාත් තමන්ගේ අනන්‍යතාවය විශිෂ්ඨත්වයට සමීප කරපු නිර්මාණකරුවෙක්.


මාලකගෙ අලුත්ම රේඩියෝ නාට්‍ය එකතුව “බැලන්ස් බාර් එකේ බ්‍රෂ් එක බුරුල්” සැප්තැම්බර් 4 දා, පද්වරු 3.00 ට සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පණිභාරත ශාලාවේදී ජනගත වීම අරඹනවා.මහාචාර්ය හිනිදුම සෙනවි මේ සභාව මෙහෙයවන අතර දෙසුම්වලට සම්බන්ධ වන්නේ නාට්‍යවේදී ධනංජය කරුණාරත්න සමඟ පර්යේෂක තිළිණ සමරසූරිය යි.


ගුවන් විදුලි නාට්‍ය වංශ කතාව තුළ,ගුවන් විදුලි නාට්‍යයයේ රූපමය මැවීම් සහිත හඬ අනන්‍යතාවයට හානි නොවන සේ අලුත් මානයන් වෙත හඩ නළුව රැඟෙන යන්නට පාර පෙන් වූ මාලකගේ බ්‍රෂ් එකේ කෙදිවල මුදු – රළු සියලු ගුණ සැප්තැම්බර් 4 දා සිට භාවිතයට එකතු කර ගත හැකි මොහොතක් හැටියට සැප්තැම්බර් 4 දා පස්වරු 3.00 පසුව බැලන්ස් බාර් එකේ බුෂ් එක සමාජයට එකතු වෙනවා ඇත.
මාලකගේ රේඩියෝ නාට්‍ය ගැන ධර්මසේන පතිරාජයන් තබා ඇති මේ අදහස ඔහුගේ බ්‍රෂ් එකේ සහ බුෂ් එකේ තියුණු සහ දියුණු භාවය ලාංකේය රේඩියෝ නාට්‍ය කලාවට එකතු කරන වටිනාකම තේරුම් ගැනීමට අතිශයින් වැදගත් වනු ඇත.
මේ නාට්‍ය එකින් එක ගත් විට සන්දර්භ හැටියට පඨිතමය අර්ථයෙන් නම් කරන්න පුළුවන්. එම සන්දර්භවල තියෙන පරස්පරතා එහිදී මතු වෙනවා. මේ නාට්‍ය හරහා මට මතක් වෙන්නේ ඇරිස්ටොෆානිස්ගේ ‘ක්ලවුඩ්ස්’, ‘බර්ඩ්ස්’ වගේ නාට්‍ය. මාලකගේ රේඩියෝ නාට්‍ය එවැනි සම්ප්‍රදායක් අරගන්නවා. ඔහු කිසියම් සන්දර්භයක් අරගෙන නිර්දය ලෙස උපහාසාත්මකව ඉදිරිපත් කරනවා. මෙම සංකල්ප සජීවීකරණයට හෝ රූපයට නැගිය නොහැකියි. මේ නාට්‍ය සංකල්ප වඩාත් ගැළපෙන්නෙ රේඩියෝ මාධ්‍යයට පමණයි. නාට්‍යවල නම් පිහිටුවීම අතිනුත් සමාජයේ පවතින විපරිත භාවය ඔහු මතු කරනවා. විශිෂ්ට සන්දර්භයන් හසුකරගෙන රසවත් ශෛලියකින් ලියලා තියෙන මේ නාට්‍ය මාලාව අහන විට අපූර්වත්වයක් මට ඇති වුණා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...