දේශපාලකයින් සහ පාතාල නායකයින් අතර සම්බන්ධතා ඇද්දැයි කඩිනම් විමර්ශනයක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01, කොළඹ LNW :

පසුගියදා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාතා්මක අපරාධකරුවන් 05 දෙනාගේ විමර්ශන මේ වන විට ආරම්භ කර තිබෙන අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් සම්බන්ධයෙන් පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය පවසයි.

ඒ අනුව, කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග යන තිදෙනා ඉදිරි විමර්ශන සඳහා යොමු කර ඇත්තේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙතයි. බැකෝ සමන් සහ තැඹිලි ලහිරු යන දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර තිබෙන බව පැවසේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ් වුට්ලර් මහතා පැවසුවේ, පසුගිය කාලය පුරාවටම රට තුළ සිදුවූ ඝාතන සිද්ධීන්, මත්ද්‍රව්‍ය චෝදනා සහ කප්පම් ගැනීම් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව දීර්ඝ විමර්ශන ක්‍රියාත්මක බවයි.

පොලීසියේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකවරයෙකු සඳහන් කළේ, ඔවුන්ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන්ද හැකි ඉක්මනින් විමර්ශනයක් කර පළමුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

විවිධ අපරාධ සිදු කිරීම සඳහා යොදා ගන්නා ලද ගිනි අවි සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදු කර අදාළ ගිනි අවිද පොලිස් භාරයට ගැනීමට නියමිත බවත්, දේශපාලකයින් අතර අදාළ පාතාල නායකයින් යම් සම්බන්ධයක් පවත්වා ඇත්නම් ඒ සම්බන්ධයෙන්ද කඩිනම් විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන බවද වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාව ගැන හොයන්න තේරීම් කමිටුවක් පත් කරන්න – නාමල්

කොළඹ LNW:මෙම ව්‍යසනයේදී මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා ඇතිවූයේ රජය...

වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කළ ලොව ප්‍රථම රට බවට ඕස්ට්‍රේලියාව පත්වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට ,...

අද දවස වන විට ආපදාවන්හි නවතම තත්ත්වය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පැවති අහයපත් කාලගුණික තත්ත්වය මත සිදුවූ ආපදා...

ආපදා නිසා නොනැවතුනු මත්ද්‍රව්‍ය මෙහෙයුම: ගතවූ සතියේ මත්කුඩු 70kg ක් අත්අඩංගුවට

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : සුළි කුණාටුව...